hit counter

2026 නොවැම්‍බර් මස 23 වන සඳුදා

2026 නොවැම්‍බර් 23, පෙ.ව. 11:48



පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද (23) දිනයේදී මෙරට වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, ඇතැම් බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 336 සීමාවට ආසන්න අගයක සටහන් වී ඇත.

සෙලාන් බැංකුවේ විනිමය අනුපාතවලට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.50ක් සහ විකුණුම් මිල රුපියල් 337.75ක් ලෙස නොවෙනස්ව පවතී.

NDB බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.30 සිට රුපියල් 327.90 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 337.30 සිට රුපියල් 336.90 දක්වා අඩු වී තිබේ.

මහජන බැංකුවේ (People’s Bank) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.50 සිට රුපියල් 328.45 දක්වාත්, විකුණුම් මිල රුපියල් 336.65 සිට රුපියල් 336.59 දක්වාත් සුළු වශයෙන් පහත වැටී ඇත.

කොමර්ෂල් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.82ක් සහ විකුණුම් මිල රුපියල් 336.75ක් ලෙස නොවෙනස්ව පවතී.

මේ අතර, සම්පත් බැංකුවේ ද ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.75ක් සහ විකුණුම් මිල රුපියල් 336.75ක් ලෙස නොවෙනස්ව පවතින බව වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: