2026 නොවැම්බර් 23, පෙ.ව. 12:19
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් විස්තීර්ණ ණය පහසුකම් ගිවිසුම 2027 වසරෙන් පසු අවසන් වීමත් සමඟ සහ 2028 වසරේ සිට මෙරට විදෙස් ණය යළි ගෙවීම ආරම්භ වීමත් සමඟ, ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ බරපතළ ආර්ථික අභියෝගයකට මුහුණ දෙන බව හිටපු අමාත්‍ය, ආර්ථික විද්‍යාඥ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අනාවරණය කරයි.
කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා පෙන්වා දුන්නේ, ආර්ථික විද්‍යාත්මක හා විෂයානුබද්ධ කරුණු අනුව බලන කල ඉදිරියේදී නිර්මාණය වන මෙම අර්බුදයට විසඳුම් සෙවීමේ පැහැදිලි සැලැස්මක් රජය සතුව තිබිය යුතු බවයි.
රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී අත්සන් තබන ලද මාස 48ක IMF ගිවිසුම මගින් පසුගිය වසර හතර තුළ අයවැය ලේඛන සකස් කිරීමට මූල්‍ය ප්‍රතිපාදන ලැබුණු බව සිහිපත් කළ හිටපු අමාත්‍යවරයා, මෙරටට ලැබෙන සමස්ත විදේශ විනිමය ආදායම් (භාණ්ඩ හා සේවා අපනයන, සංචාරක, විගමනික ප්‍රේෂණ, ණය හා ආධාර) සහ රටින් පිටතට ඇදී යන විදේශ විනිමය අතර වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන හතරකට ආසන්න ‘බාහිර සම්පත් හෙවත් මූල්‍ය පරතරයක්’ පවතින බව පෙන්වා දුන්නේය.
මෙම සියලු මූලාශ්‍ර එකතු කළ ද ආවරණය වන්නේ ඩොලර් මිලියන 3,011ක් පමණක් බවත්, තවත් ඩොලර් මිලියන 900ක හිඟයක් පවතින බවත් ඔහු අවධාරණය කළේය.
එම ඉතිරි ඩොලර් මිලියන 900ක හිඟය පියවා ගැනීම සඳහා IMF ගිවිසුම මගින් යෝජනා කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ වෙත ගොස් ඩොලර් බිලියන 1.5ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම බව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
එහෙත්, ශ්‍රී ලංකාවට එවැනි බැඳුම්කරයක් නිකුත් කර ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ණය ලබාගැනීමට නම්, මෙරට නිල දළ විදේශ සංචිතය මෙම වසර තුළ ඩොලර් බිලියන 9.27ක් දක්වාත්, ලබන වසරේදී ඩොලර් බිලියන 12.97ක් දක්වාත් වර්ධනය විය යුතු බවට පූර්ව කොන්දේසි පවතින බවත්, වත්මන් තත්ත්වය හමුවේ එය අතිශය දුෂ්කර ඉලක්කයක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පාලනයේ පූර්ණ බලය හිමි පාර්ලිමේන්තුව, අයවැය විවාදයේදී ප්රමුඛව විමසිය යුත්තේ 2027න් පසු IMF ගිවිසුම අවසන් වූ විට සහ 2028 දී ද්විපාර්ශ්වික හා වාණිජ ණය වාරික ගෙවීම ආරම්භ වන විට මෙම ඩොලර් පරතරය පියවා ගන්නේ කෙසේද යන්න බව බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:24
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:21
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:14