hit counter

2026 නොවැම්‍බර් මස 20 වන සිකුරාදා

2026 නොවැම්‍බර් 21, පෙ.ව. 12:31



ඔට්ටු ඇල්ලිම සහ සූදු ක්‍රිඩා වලින් ලද බදු ආදායම ඉකුත් වර්ෂයේ (2025) පළමු මාස අටට සාපේක්ෂව මෙම වර්ෂයේ (2026) පළමු මාස අට තුලදි රුපියල් බිලියන 9.9 දක්වා සියයට 65.3කින් කැපිපෙනෙන ලෙස වර්ධනය වී ඇති බැව් අයවැය ආර්ථිකය සහ මුල්‍ය තත්ත්වය  පිළිබදව 2027 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්තාවේ සදහන් වේ.

ඉකුත් වර්ෂයේ (2025) මුල්මාස අට තුලදි ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රිඩා වලින් ලද බදු ආදායම රුපියල් බිලියන 6.0කි.

කෙසේවුවද කොටස් ගනුදෙනු බද්දෙන් ලද ආදායම ඉකුත් වර්ෂයේ පළමු මාස අටට සාපේක්ෂව මෙම වර්ෂයේ පළමු මාස අට තුලදි  රුපියල් බිලියන 3.8 දක්වා සියයට 16 කින් අඩුවි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.

ඉකුත් වර්ෂයේ මෙම කාලසිමාව තුලදි කොටස් ගනුදෙනු බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 4.6කි.

විදේශිය ආර්ථික කම්පන හේතුවෙන් කොටස් ගනුදෙනුවල වටිනාකම සහ පරිමාව විචලනය විම මේ සදහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: