2026 නොවැම්බර් 21, පෙ.ව. 12:23
රජයේ රෝහල් වෙත නිකුත් කළ ඖෂධ, ශල්‍ය හා රසායනාගාර යන වෛද්‍ය සැපයිම් අතුරින් තත්ත්වයෙන් අසමත්විම හේතුවෙන් රුපියල් මිලියන 1,210.52ක වෛද්‍ය සැපයිම් ඉකුත් වර්ෂයේ දි (2025) භාවිතයෙන් ඉවත්කර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
එමෙන්ම තවත් රුපියල් මිලියන 1,409.23ක් වටිනා වෛද්‍ය සැපයුම් තත්ත්වයෙන් අසමත්විම මත තාවකාලිකව භාවිතය අත්හිටුවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
දෘෂ්‍ය අංශු, ඖෂධවේද , පිරිවිතරයන්ට අනුකුල නොවිම, වර්ණ වෙනස්විම හා අහිතකර ප්‍රතික්‍රියා වැනි හේතුමත මෙම වෛද්‍ය සැපයුම් තත්ත්වයෙන් අසමත්වි තිබුණි.
එමෙන්ම අක්ෂි බැක්ටිරියා ආසාදන, දියවැඩියාව, හෘද පිළිකා, ස්වශන, සමේ හා මානසික රෝග සදහා වු ඖෂධ තත්ත්වයෙන් අසමත් වු ඖෂධ අතර තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මහනුවර ජාතික රෝහල, සිරිමාවෝබණ්ඩාරනායක, කුරුණෑගල, ඇඹිලිපිටිය හා කෑගල්ල රෝහල්වල රුපියල් මිලියන 25.71ක් වටිනා තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයිම් වර්ග 34කට වැඩි ප්‍රමාණයක් පැවති බවත් ඒවා අසමත් බව නිවේදනය කරණවිට සැලකිය යුතු ප්‍රමාණයක් රෝගින් වෙත නිකුත්කර තිබුණි.
නිලධාරින්ගේ නොසැලකිලිමත්කම, පිරිවිතරයන්ට අනුකුල නොවු තොග භාර ගැනිම ආදි හේතුන් ද මෙම තත්ත්වය හේතුවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයිම් නිෂ්පාදනයේ දි ප්‍රමිතියෙන් අසමත්විම යම් සම්භාවිතාවයක් පවතින අතර එවැනි අවස්ථාවලදි ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ගනු ලබන තිරණමත ක්රියාකරණ බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන්කොට ඇත.
2026 නොවැම්බර් 21, පෙ.ව. 12:31
2026 නොවැම්බර් 21, පෙ.ව. 12:20
2026 නොවැම්බර් 21, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 21, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 21, පෙ.ව. 12:11
17-11-26
17-11-26
13-11-26
13-11-26
06-11-26
06-11-26
03-11-26
03-11-26
31-10-26
31-10-26
20-10-26
20-10-26
16-10-26
16-10-26
09-10-26
09-10-26