2026 ඔක්තෝබර් 09, පෙ.ව. 12:08
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මේ දිනවල මෙරට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
පසුගිය සතියේ සිට එම තත්ත්වය වාර්තා වන බව වසංගත රෝග ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම සඳහන් කළේය.
මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස, උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වමනය, ඇගපත රිදීම යන රෝග ලක්ෂණ තිබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
මෙම රෝගය ඉතා ඉක්මනින් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙක්ට බෝ වන බවත් මෙය වෛරස් රෝගයක් බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
මෙම රෝගය සමහර වෙලාවට අවුරුදු 2කට අඩු දරුවන්ට, ගර්භණී මාතාවන්ට, අවුරුදු 65ට වැඩි වැඩිහිටි පුද්ගලයින්ට භයානක වීමට ඉඩ තිබෙන බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි
එම රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයෙක් මුඛ ආවරණයක් පැළදිය යුතු බවත් එවිට රෝගය පැතිරීම අවම කර ගැනීමට හැකි බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
තවද එම රෝග ලක්ෂණ තිබෙන දරුවන් නිවෙස් තුළ තබාගැනීමටත්, පැරසිටමෝල් මාත්‍රව අනුව ලබාදීමටත්, දියර ආහාර ලබාදීමටත්, විවේකය ලබාදීමටද දෙමාපියන් කටයුතු කළ යුතු බවද වෛද්‍යවරයා සඳහන් කරයි.
2026 ඔක්තෝබර් 09, පෙ.ව. 12:24
2026 ඔක්තෝබර් 09, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 09, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 09, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 09, පෙ.ව. 12:09
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26