hit counter

2026 නොවැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2026 නොවැම්‍බර් 20, පෙ.ව. 12:17



කඩුවෙල නගරයේ පිහිටි විදුලි උපකරණ අලෙවිසැලක හටගත් ගින්න කින් එකම පවුලේ සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම මුළු රටම සංවේගයට පත් කළ පුවතක් බවට මේ වෙනවිට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස දිවි අහිමි වුයේ වයස අවුරුදු 35ක් වූ පියා, 30 හැවිරිදි මව සහ ඔවුන්ගේ වයස අවුරුදු 6ක් හා 2ක් වූ සිඟිති දරුවන් දෙදෙනායි,

පොලිස් වාර්තා අනුව අද පාන්දර දෙමහල් ගොඩනැගිල්ලක පහළ මහලේ පිහිටි විදුලි උපකරණ අලෙවිසැලේ මෙම ගි න්න හටගෙන තිබෙනවා, එම අවස්ථාවේදී පවුලේ සාමාජිකයන් ඉහළ මහලේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ තුනක් යොදවා තිබුණු ආකාරය දැකගන්නට ලැබුනා. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැති බව සදහන් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: