hit counter

2026 නොවැම්‍බර් මස 20 වන සිකුරාදා

2026 නොවැම්‍බර් 20, ප.ව. 12:48



ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යාමත් සමඟ මෙරට රන් මිල ද අද (20) දිනයේදී පහළ ගොස් තිබෙනවා.

වෙළෙඳපොළ දත්ත අනුව, මේ වනවිට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3,526ක් දක්වා පහළ ගොස් ඇති අතර, එය ඩොලර් 3,500 සීමාවට ආසන්න වී තිබෙනවා.

ඒ අනුව, මෙරට වෙළෙඳපොළේ රන් පවුමක මිල ද රුපියල් 7,000කින් පමණ පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අද පෙරවරු 10.00ට යාවත්කාලීන කළ මිල ගණන්වලට අනුව, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 345,000ක් ලෙස සටහන් වී තිබෙන බව සඳහන්.

එමෙන්ම, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 317,400ක් ලෙස සටහන් වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඊයේ (19) දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 352,000ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 323,800ක් ලෙසත් පැවතුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: