hit counter

2026 නොවැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2026 නොවැම්‍බර් 22, පෙ.ව. 12:34



ඉදිරි 2027 වර්ෂය සඳහා වන අයවැය ලේඛනයේ ජනාධිපති වැය ශීර්ෂය යටතේ හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 34ක මුදලක් පමණක් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ජනාධිපති වැය ශීර්ෂයේ විශාලතම මූල්‍ය ප්‍රතිපාදනය වන රුපියල් මිලියන 6,500ක දැවැන්ත මුදලක් Clean Sri Lanka ජාතික වැඩසටහන සඳහා වෙන් කර ඇති බවයි.

පසුගිය කාලසීමාවන්හි පැවති ක්‍රමවේදයන්ට හාත්පසින්ම වෙනස්ව යමින්, මෙවර ජනාධිපතිවරයා සිය පෞද්ගලික පවුලේ සාමාජිකයන්, හිතවතුන් හෝ දේශපාලන පක්ෂ නඩත්තුව වෙනුවෙන් ජනතා බදු මුදලින් කිසිදු සතයක් හෝ වෙන් කර නොමැති බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: