hit counter

2026 නොවැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2026 නොවැම්‍බර් 27, පෙ.ව. 12:11



ජනප්‍රිය රංගන ශිල්පී සජිත ඇන්තනී සිය අතීතයේ සුන්දර මතකයක් යළි අවදි කරමින් සමාජ මාධ්‍යයට එක් කළ ඡායාරූප කිහිපයක් මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. ඒ, මීට වසර ගණනාවකට පෙර තමන් සහ සිය පියා ජැක්සන් ඇන්තනී මහතා සමඟ චිත්‍රපටයක රංගනයේ නිරතව සිටියදී, අද සිය සහකාරිය වන බුවී ඔවුන් බැලීමට ඇකිරියන්කුඹුරට පැමිණි අවස්ථාවක මතකයන් කිහිපයක්. එම ඡායාරූප සිය ෆේස්බුක් ගිණුමට එක් කරමින් සජිත එදා දවස සිහිපත් කර තිබුණේ,

“මට අද වගේ මතකයි මේ දවස. බාලයා බලන්න බුවී ඇකිරියන්කුඹුරට ආ දවස. මට වෙච්ච පොඩි පොඩි සීරීම් ලොකු ලොකු කරලා එයාට කිව්ව ඒ සුන්දර දවස.” යන ආදරණීය සටහනද සමඟින්. සජිතගේ මේ පැරණි මතකයත් සමඟ එක් කළ ඡායාරූපවලට ඔහුගේ රසික රසිකාවියන්ගෙන්ද ආදරණීය ප්‍රතිචාර සහ සුබපැතුම් රැසක් එක්ව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: