2022 ජූනි 16, පෙ.ව. 3:42
කලාවට ඕපපාතිකයෙක් නොවන අභිෂේකා විමලවීරගේ ලයාන්විත කටහඩට බොහෝ දෙනෙක් ප්‍රිය කරනු ලබනවා.
ඇය නිර්මාණය කරනු ලැබු බොහෝමයක් ගීත ද ජනතාවගේ ආදරයෙන් වැළදගනු ලැබු අතර පුංචි කාලයේ ඉදලම කලා හැකියාවෙන් පරිපුර්ණ ඇය ගීත රැසක්ම ගායනා කර තිබෙනවා.
එපමණක් නොව ඇය සමාජ මාධ්‍ය තුල නිතරම ක්‍රියාශීලි කලාකාරිනියක් ලෙස ද හදුන්වා දිය හැකි.
අභිෂේකා විමලවීර කියන්නෙ වත්මන් පරපුරේ ඉතාමත් ජනප්‍රිය ගායිකාවක්.
ඇයගේ ගීතවලට ආදරේ කරන පිරිස ඉතාමත් වැඩියි.
අභී කියන්නෙ ගායනයට විතරක් දක්ෂ කෙනෙක් නෙවෙයි.
ඇයට හරිම අපූරුවට වචන ගැළපීමේ හැකියාව තියෙනවා.
ඒ කියන්නෙ අභී ඉතාමත් දක්ෂ කවිකාරියක්.
ඒ බව පැහදිලියි ඇගේ මුහුණු පොත දිහා බැලුවාම.
හැඩූ දරදඩු පාළු රැයවල්
දහක් ගෙවුනා නිම් නැතී
මේ තරම් දුක් ගගක් උහුලා
ඉන්නෙ කොහොමද මල් පෙතී
නෙතේ උතුරන කදුළු
හංගා ඉන්න මට දැන් හුරු ඇතී
පිරිත් කවියක් වෙලා ඔබ දැන්
තව හිතක තනියට ඇතී
නිදන්නට මල් වියන් කුමටද
ඔබේ ළමැදේ ඉඩ ඇතී
සිඹින්නට තව තැන් නොතිබ්බට
නොකියාම ඉමි මට ඇතී
මගේ මළගම දාට හැඩුමට
කදුළු ඔබ ළග නැතුවැතී
මගේ පණ උඹ ළගයි රැකපන්
එන්න බෑ මට හිතවතී…..
අභී!
2024 දෙසැම්බර් 01, පෙ.ව. 12:02
2024 නොවැම්බර් 30, පෙ.ව. 12:02
2024 නොවැම්බර් 29, පෙ.ව. 12:04
2024 නොවැම්බර් 29, පෙ.ව. 12:03
2024 නොවැම්බර් 28, පෙ.ව. 12:03