hit counter

2025 සැප්‍තැම්‍බර් මස 05 වන සිකුරාදා

2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 9:19



ලංකාවෙ “ජීවත් වෙනව” කියන්නෙ පොඩි “ලක් එකක්”…

ඒක ඉවර වෙච්ච දවසට අපි කවුරුත් යනවා. අපිට පරිස්සමකුත් නෑ. ආරක්ෂාව ගැන වගකුත් නෑ. වගකීමක් ගන්න කෙනෙකුත් නෑ. කිසි දෙයක් වෙනස් වෙන්නෙත් නෑ. ඔව් ලංකාවෙ මිනිස්සු හොඳයි. කරදරේදි උදව් කරනවා. උදව් කරන්න ගිහිල්ලත් මැරෙනවා. හැබැයි ඇත්තම කතාව කරදරේ වැටෙන එක වලක්වන්න තියෙන්නෙ ලක් එක විතරයි….

ඔය පාරෙ අවුරුදු හතරක් තට්ට තනියම සතියකට සැරයක් මහ රෑ උඩ පහල ගිය මිනිහෙක් මම. අදටත් මං ජීවත් වෙන්නෙ කවුරුහරි මාව රැක්ක කියල මං හිතනව. මීදුමේ, ලිස්සන පාරෙ, වැස්සෙ, අලිත් ඉන්න පාරෙ රස්සාවට ගිය අපිට තිබ්බ ආරක්ෂාව කුමක්ද ? අපට තිබ්බ වගකීම කුමක්ද ? කිසිවක් නෑ. ඔය පැතිවල වැඩ කරන කරපු මිනිස්සු මං මේ කියන දේ දන්නව…

ඒ තමයි ලංකාව…
මේකෙ ජීවත් වෙනව කියන්නෙ ලක් එකක්…
මිනිස්සු හොඳයි…
හැබැයි කරදර වලක්වගන්න පරිස්සම් වෙන්න අනිත් එකා ගැන කරදරේට කලින් හිතන්න ලෑස්ති නෑ..
මේ ගතිය පාරෙදි හොඳට පේනව…
කරදරේ වැටුණම ලෝකෙ කාටත් නැති උදව්ව කරන්නෙත් මේ මිනිස්සුම තමයි…

මේක පුදුම රටක්…පුදුමාකාර මිනිස්සු ජීවත් වන රටක්…මේකෙ “ජීවත් වෙනව” කියන්නෙ “ලක් එකක්”…

-උපුටා ගැනීම වෛද්‍ය ලක්මාල් කුලසේකරගේ මුහුණපොතෙන්.-





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: