hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 05, ප.ව. 5:16



‘එරෝෆ්ලෝට්’ සමාගමේ ගුවන් යානයක් කටුනායක රඳවාගැනීමට නිසා දින දෙකක් ශ්‍රී ලංකාවේ සිරවී සිටි ගුවන් මගීන් 191 දෙනා එම සමාගමේ විශේෂ ගුවන් යානයකින් මොස්කව් නුවර බලා පිටත්කර හැරිමට කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේදී තමාට සිදු වූ අපහසුතාවය පිළිබඳව රුසියානු ජාතික එලේනා මෙසෙන්කෝවා මහත්මිය කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී මෙසේ අදහස් දක්වා සිටියා,

“අපි ශ්‍රී ලංකාවට ආවේ දින 14ක සංචාරයක් සදහා. අපි මේ වෙන කොට හිටියෙ හික්කඩුවේ. හදිසියේම ඇති වූ මේ තත්වය නිසා අපට රුසියානු රජය දැනුම් දුන්නා සංචාරය අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස. ඒ අනුව දින 14 ක සංචාරය දින 07 කින් නිමා කරල ආපසු රුසියාව බලා යෑමට මෙම රුසියානු එරොෆ්ලොට් අවසාන ගුවන් යානය සදහා අපි කටුනායක ගුවන් තොටුපළට ආවා. අපිට රුසියානු රජය මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය සදහා සුදුසු බව ප්‍රකාශ කරමින් ඒ සදහා යොමු කිරීම් සිදු කළා. එහෙත් හදිසියේම ඇති වූ මේ තත්වය පිළිබඳව අපි කම්පනයට පත් උනා. මේ රටේ සංචාරය කරන්න අපිට ඩීසල් තිබුණේ නැහැ. ඒ මදිවට විදුලි කප්පාදුව. මේ සියලු ගැටළු මධ්‍යයේ වුවත් අපි බොහොම කැමැත්තෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත උනා. අපේ රුසියානු සංචාරකයන් නිසා ශ්‍රී ලංකාවට ඩොලර් ලැබෙනවා. ඒත් මේ තීන්දුව නිසා ඒ තත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙලා යයි. රුසියානු ජනාධිපතිවරයා මෙම සිදුවීම පිළිබඳව දැඩි තීරණයක් ගනීවි. ඒ අනුව අපට දැනටමත් ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන සංචාරයන් වහාම අත්හිටුවා ආපසු  පැමිණෙන ලෙස රුසියානු රජය අපව  දැනුවත් කර තිබෙනවා.”

එමෙන්ම යළිත් මින් ඉදියට කිසිදු රුසියානු සංචාරකයෙකු මෙවැනි සිදුවීමක් ඇති වෙතැයි යන බියෙන් ශ්‍රී ලංකාවට නොපැමිණෙනු ඇතැයි ද ඇය වැඩිදුරටත් පැවසුවාය .

රුසියානු රජයේ  සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් අතර ලිඛිත එකගතාවයක් පවතිත්දීත්, එය නොසළකා හරිමින් බටහිර රාජ්‍යයක කුඩා රක්ෂණ සමාගමක පැමිණිල්ලක් මත මේ ආකාරයට දහස් ගනන් රුසියානු සංචාරකයන් අසරණ කරමින් අනාගතයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අභියෝගට ලක් කරමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම මාර්ගයක් ඇනහිටුවා ගැනීම පුදුම සහගත බව ද ඇය සදහන් කළා.