hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2024 මාර්තු 11, පෙ.ව. 9:54



වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුවෙකු ඊයේ (09) රාත්‍රියේ කෑගල්ල අලගල්ල කන්දෙන් පහළ ප්‍රපාතයට ඇද වැටී අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ, තවත් සිසුන් 09 දෙනෙකු සමග ඊයේ අලගල්ල කන්දේ රාත්‍රී කඳවුරු බැඳ ආපසු එමින් සිටියදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් යුද්ධ හමුදා මූලස්ථානයට ලැබුණු තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා භට පිරිසක් කඩිනමින් එම ස්ථානයට ළඟා වී තිබෙනවා.

එම යුද හමුදා සෙබලුන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා විශ්වවිද්‍යාල සිසුවා ප්‍රපාතයෙන් ගොඩට ගෙන ප්‍රථමාධා⁣ර ලබාදීමෙන් අනතුරුව, ඔහුව වැඩිදුර ප්‍රතිකා⁣ර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: