2022 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 8:44
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අවසන් වසරේ සිසුවාගේ මරණ පරීක්ෂණය අද මහනුවර ජාතික රෝහලේ සිදුකළ අතර එහිදී දියේ ගිලීම නිසා හුස්ම සිරවීමෙන් මරණය සිදුව තිබෙන බවට විශේෂඥ අධිකරණ වෛද්‍ය ශිව සුබ්‍රමනියම් මහතා තීරණය කර තිබෙනවා.
අංජන කුලතුංග නැමැති සිසුවා පසුගිය 16 දින සිට අතුරුදන්ව සිටි අතර ඔහුගේ මළ සිරුර ඊයේ පස්වරුවේ ගන්නෝරුව හක්කිඳ දූපත් සමූහය ආසන්නයේ තිබී සොයා ගනු ලැබුවා.
ඔහුගේ අවසන් කටයුතු ඊයේ සිදු කළේ ගම්පහ මිරිස්වත්තේදී.
පැණිදෙණිය ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළින් පිටවීමට පෙර සිසුවා විසින් ලියා තැබූ ලිපියක් හමුවූ අතර ඊට පෙර සන්ධ්‍යා කාලයේ ගම්පහ පදිංචි ඔහුගේ මවට ලබාදුන් අවසන් ඇමතුම සම්බන්ධයෙන්ද පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වී තිබෙනවා.
තම මවට හැමවිට දුරකථනයෙන් කතාකරන අංජන අවසන් ඇමතුම අවස්ථාවේදී ‘අම්මේ මට හරි මහන්සියි හිතට හරි කරදයි‘ යනුවෙන් පවසා ඇති නමුත් තමන්ගේ හිතට වද දෙන කාරනාව විස්තර කර තිබී නැහැ.
ඔහුගේ ප්‍රශ්නය ගැන අසන්නට මව නැවත නැවත දුරකථන ඇමතුම් ගැනීමේදී ඒවාට උත්තර ලැබී නැති අතර අතුරුදන් වන අවස්ථාවේ කෙටි ලිපියක් ලියා තැබූ අංජන නවාතැන් කාමරයෙන් ගොස් තිබුනේ දුරකථනයද තබාය.
ඔහුගේ මුදල් පසුම්බිය, ජංගම දුරකතනය, ලැප් ටොප් පරිගණකය හා ඇස් කණ්ණාඩි යුගල ඔහු නවාතැන් ගත් පැණිදෙණිය ප්‍රදේශයේ පිහිටි නිවසේ කාමරයෙන් සොයා ගැනීම නිසා මොහු දිවිනසා ගන්නට ඇතැයි තදබල සැකයක් ඇතිව තිබෙනවා.
තමන් මහවැලි ගඟට යන බව කෙටි සටහනෙහි සඳහන් කර තිබීම නිසා පොලීසිය හා විශ්වවිද්‍යාල සිසුන් දින ගණනාවක් තිස්සේ මහවැලි ගඟ දෙපස පරීක්ෂාවට ලක්කරනු ලැබුවා.
21 වැනිදා පස්වරුවේ මහවැලි ගඟේ හක්කිඳ දූපත් ආසන්නයේ තිබී මළසිරුර සොයාගෙන තිබුණා.
2024 දෙසැම්බර් 18, පෙ.ව. 12:04
2024 දෙසැම්බර් 17, පෙ.ව. 12:00
2024 දෙසැම්බර් 16, පෙ.ව. 12:11
2024 දෙසැම්බර් 15, පෙ.ව. 12:12
2024 දෙසැම්බර් 14, පෙ.ව. 12:09