hit counter

2025 මැයි මස 30 වන සිකුරාදා

2025 මැයි 29, ප.ව. 1:19



අනුදි ගුණසේකරගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්කරන සුබ ප්‍රාර්ථනා අතර, සුවිශේෂී සුබපැතුම් සටහනක් දක්නට ලැබුණා.

සටහන තබා තිබුණේ, ජනප්‍රිය රංගන ශිල්පිනි දුෂේනි මියුරංගි විසින්.

දුෂේනිගේ මෙම සටහන විශේෂ වන්නේ, ඇය ද මීට ඉහත (2017) ලෝක රූ රැජින තරගය සඳහා ලංකාව නියෝජනය කළ රූමතියක් වීම නිසාවෙනි.

දුෂේනි තබන ලද සම්පූර්ණ සටහන පහතින්,

”එලඹෙන මැයි 31 වනදා ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදී පැවැත්වෙන “Miss World 2025” තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගවදින අනුදි ගුණසේකර සොයුරියට, මාගේ උණුසුම් සුභ පැතුම් ප්‍රකාශ කරමි.

අනුදි.. ඔබ මෙතෙක් ආ ජයග්‍රාහී ගමන සැබැවින්ම ආස්වාදජනකය. රූපයෙන්, දැනුමෙන් හා හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ කැපී පෙනෙන තරගකාරිණියක ලෙස, ජාත්‍යන්තර වේදිකාවේදී ඔබගේ විශිෂ්ටත්වය විදහා දැක්වීමට ඔබ දැනටමත් සමත් වී ඇත. Miss World 2025 තරගාවලිය තුල මේ වනවිටත් ඔබ ලබා ඇති ජයග්‍රහණයන් ශ්‍රී ලාංකිකයින් ලෙස අපට මහත් වූ ආඩම්බරයකි.

ලෝකයේ ඉහළම මට්ටමේ තරගකාරිණියන් සමඟ තරඟ කිරීමට ඇති මෙම තරගාවලියේ අහියෝගයන්ට සාර්ථකව මුහුණ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් Miss World කිරුළ දිනා දීමේ හැකියාව ඔබ සතු බවට පූර්ණ විශ්වාසයක් මා තුලද ඇත.

අනුදි ගුණසේකර නම් සන්නාමය Miss Sri Lanka for Miss World ලෙස තෝරාගෙන, ජාත්‍යන්තර වේදිකාවට සූදානම් කළ Siyatha Miss Sri Lanka සංවිධායක මණ්ඩලයටද මාගේ ආදරණීය ස්තුතිය පුදකරමි.

එසේම, මෙතෙක් නොදුටුවිරූ අන්දමේ උනන්දුවකින් හා උද්යෝගයකින් ඔබට ශක්තිය හා ආශීර්වාදය ලබාදෙමින්, ඔබේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන සියලුම ශ්‍රී ලාංකික සහෘදයන්ට මාගේ ගෞරවය හා ආචාරය පුද කර සිටිමි.

ආදරය සහ සුබපැතුම් සමඟ

දුෂේනි මියුරංගි

Miss Sri Lanka for Miss World 2017”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: