hit counter

2025 මැයි මස 21 වන බදාදා

2025 මැයි 21, ප.ව. 5:15



ඒ ජාත්‍යන්තර වේදිකාවෙ අපේ අනුධි කතාව පටන් ගත්තෙම “සබ්බ පාපස්ස පාපස්ස අකරණං” ගාථාවෙන්. 

තරගයේ හිටපු ගොඩක් රටවල්වල රූප රාජිනියො කතා කරන අතරේ කළා වගේ, ඊළඟට කියන්නෙ මොකක්ද කියලා ලියාගෙන ආපු කොළයක්වත් ඇය ගාව තිබුණේ නැහැ…

ඇයගේ කතාව හරිම ආකර්ශනීය එකක්…

අපේ පුංචි දූපත ඔයා ගැන අඩම්බර වෙනවා.. අපේ රජරට රාජධානියේ මුල් අරගෙන ආපු අනුදි ,

හරි ලස්සනට පැහැදිලිව, නිරවුල්ව අත්‍යවශ්‍යම දේවල ටික කතාකලා.

අපේ රැජින අනුදි ලංකාවේ තියෙන හැමදේම අරගෙන ,මේ හැමදේම එක්ක හරිම රහට ඉදිරිපත් කරනවා. අහන් ඉන්න ආස හිතෙනවා … බලාගෙන ඉන්න හිතෙනවා… ඒ තරම් අපූරුයි… එයාගේ පුංචි කතාව ඇතුලේ අපේ රට ගැන අපේ මිනිස්සු ගැන හරිම ලස්සනට කතා කරනවා… අනුරාධපුරේ ඉඳලා එයා ආපු ගමන ගැන … එයාගේ සිහිනය ගැන සරලව ලස්සනට අපුරුව කතා කරනවා… හරිම ආදරේ හිතෙන කතාවක්… අපේකම පිරුණු කතාවක්…

” ඔබට ලෝකය වෙනස් කරන්න ඔටුන්නක් හෝ තනතුරක් අවශ්‍ය නෑ. ඔබට සම්පූර්ණ ලෝකයම වෙනස් කරන්න නොහැකි වේවි. නමුත් කාගෙහරි ලෝකය වඩා යහපත් කරන්න ඔබට දායක වෙන්න පුළුවන්” අනුදි කියන කතාවේ ලස්සන බලන්න…

ඉතිං අපේ අනුදිගේ කතාව Body language,Voice Balancing,Facial Expressions, පෞරුෂය, , බුද්ධිමත් බව අපුරුවට කැටි වෙලා තිබුණා… ඒ වේදිකාවේ පමණක් නොව මුළු මහත් ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රටේ නාමය බැබළවීමට සමත් වුණු කතාවක් අපිට අහන්න ලැබුණේ…

අපේ රටට කිරුළ අරගෙන එන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා..කියන පැතුම දහස් ගණනකගේ හදවතේ පැතුමක් වෙලා…

ඇත්තටම ශ්‍රී ලාංකිකයෙක් විදියට මේ මොහොතේ ඇයට හැමෝම ආදරේ කරනවා…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: