hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි 29, පෙ.ව. 12:09



සංගීතයට ආදරේ කරන කොයි කවුරුත් අතර ප්‍රසිද්ධ හඬක් තමයි Arijit Singh කියලා කියන්නේ. මව් බස නොවුණත් ඒ ඕනෑම භාෂාවක අයෙක් ඒ මියුරු සංගීතයට වශී වෙනවා.

එහෙත් ඔහුගේ හඬින් ඇහෙන ගීතවලට පෙම්බඳින ලොව පුරා සිටින රසිකයන් කම්පා කරන පුවතක් මේ වන විට ඔහු ගැන අහන්න ලැබෙනවා.

ඒ ඔහු ගායනය සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයක්. ඒ චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ඒ සුවිශේෂී හඬ, තවදුරටත් සිනමා නිර්මාණ සඳහා දායක නොවන බවට ඔහු නිල වශයෙන් නිවේදනය කිරීමයි.

ඒ අනුව දශක ගණනාවක් පුරා අපව මන්මත් කළ ඒ අසහාය හඬ තවදුරටත් රිදී තිරය මත අසන්නට නොලැබෙන බව දැනගත් මොහොතේ පටන් බොහෝ දෙනෙකුට එය අදහාගත නොහැකි පුවතක් වුණා.

“මගේ හඬ තවත් චිත්‍රපටවල නැහැ..” යනුවෙන් ඔහු කළ එම කෙටි නමුත් බරපතළ ප්‍රකාශය, මේ වන විට ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව ඇත.

එවැනි පසුබිමක Arijit Singh ගේ මෙම හදිසි තීරණයට හේතුව පිළිබඳව විවිධ මතිමතාන්තර පළ වුවද, ඔහු පවසා සිටියේ තමාගේ වෘත්තීය ගමනේ නව මානයක් සොයා යාමට කාලය එළඹ ඇති බවයි.

කෙසේ නමුත් මෙම පුවතත් සමඟ ප්‍රවීණ මෙන්ම ආධුනික සංගීතවේදීන් රැසක් වගේම ප්‍රකට සංගීත අධ්‍යක්ෂවරයෙකු සිය කණගාටුව පළ කර ඇති බව සඳහන්.

ඔවුන් පවසන්නේ, “ඔහුගේ හඬ නොමැති සිනමාව යනු වර්ණ නැති දේදුන්නක් වැනියි. මෙය සිනමා සංගීතයට පිරවිය නොහැකි අඩුවක්,” යනුවෙන්.

ඊට අමතරව සමාජ මාධ්‍ය ජාලා තුළ ද ඔහුගේ රසිකයන් දහස් ගණනින් පණිවිඩ තබමින් ඉල්ලා සිටින්නේ, නැවත වරක් තම තීරණය ගැන සලකා බලන ලෙසයි.

එසේම Legendary Voice වැනි හැෂ්ටැග් ඔස්සේ රසිකයන් ඔහු ගැයූ අමරණීය ගීත සිහිපත් කරමින් සිටියි.

කෙසේ වෙතත් මේ සුප්‍රකට ගායකයා, ඔහුගේ සිනමා පසුබිම් ගායනයෙන් සමුගත්තද, ඔහු සංගීතයෙන් සම්පූර්ණයෙන්ම සමුගෙන නොමැති බවයි වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: