2025 ජූනි 21, පෙ.ව. 12:04
ලිංගිකත්වය හෝ ආදරය කියන්නෙ කෙනෙක්ට තහංචි දාන්න පුළුවන් දෙයක් නෙවෙයි.
ඒ මොහොතේ ඒ දැනෙන හැඟීම කවුරුන් වෙනුවෙන් ඉපදුණු එකක්ද, ඒක ඒ කෙනාගේ පුද්ගලිකත්වය…
පසුගිය සමයේ කතාබහට ලක්වුණු ලංකාවේ පළමු සමරිසි විවාහය ඔබට මතක ඇති.
වෘත්තියෙන් නීතිඥවරයෙකු වන අරිත වික්‍රමසිංහ, එක්සත් රාජධානියේදි එසේ සිය පෙම්වතා සමඟ යුග දිවි අරඹා තිබුණා.
ඔවුන්ගේ විවාහයට දැන් අවුරුදු තුනක්.
අරිතගේ විවාහයත් එක්ක කාගෙත් අවදානය වැඩි වශයෙන් යොමු වුණේ, අරිතගේ අම්මා ඇතුළු පවුලේ අය ඔහුව සමරිසි අයෙක් ලෙස පිළිගැනීම පිළිබඳව.
සමරිසි, සංක්‍රාන්තික කියන්නෙ අපේ රටට තවමත් නුපුරුදු මාතෘකා.
ඒ නිසාම අරිත – ඩේව් විවාහය ගැන සමාජ මාධ්‍ය තුළත් ලොකු කතාබහක් ඇතිව තිබුණා.
ඒ සෑම තැනකදිමත් හැමෝම වගේ අගය කරලා තිබුණෙ, අරිතව ‘අරිත’ විදියට ම පිළිගත් ඒ ආදරණීය අම්මව.
අරිත – ඩේව් විවාහයට වසරක් පිරුණු දා, අරිතගේ අම්මා අපූරු ලියවිල්ලක් සමාජ මාධ්‍යයට එක්කාසු කරලා තිබුණා.
ඒ ලියවිල්ල ම, සිය විවාහයට වසර තුනක් පිරුණු තැනත් අරිත මේ විදියට සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙලෙස බෙදාගෙන තිබුණා.
”මට පුත්තු තුන්දෙනෙක් ඉන්නවා. ලොක්ක කසාද බැඳල දැන් එයාට පුංචි පුතෙකුත් ඉන්නවා. පොඩිම පුතා ලඟදීම කසාද බඳිනවා.. දෙවැනියා තමයි අරිත, එයාගෙ කසාදෙට හෙට අනිද්දට අවුරුද්දක් පිරෙනව!
අම්ම කෙනෙක් විදිහට දරුවො තුන්දෙනාටම එකම විදිහට සැලකුවට දරුවන්ගෙ වෙනස්කම් අපිට දැනෙනව. තුන්දෙනාම ගියේ එකම ඉස්කෝලෙට, ඒක මිශ්‍ර පාසලක්. නමුත් අනික් කොල්ලො දෙන්නට වඩා අරිතට වැඩිපුර හිටියෙ ගැහැනු යාලුවොයි, බෝනික්කොයි. ඒ කාලෙ අරිත වැඩිපුරම කතාකරේ ලංකාවෙ ගැහැනුන්ගෙ අයිතිවාසිකම් ගැන.
කාලය ගෙවිල ගියා… ලමයි ලොකු උනා.. ලමයි උන්ගෙ ලෝකවල පියාඹල කරනං ගහන දිහා අම්ම කෙනෙක් විදිහට සතුටින් බලාගෙන හිටිය.
එංගලන්තෙදි අරිතට ඩේව්ව මුන ගැහිල ඒ අය තීරනය කරල තිබුන ජීවිතේ ඉතිරි කාලය Husband සහ Husband විදිහට ගතකරන්න. 1950-60 දශකයෙ ඉපදිල විජය-මාලනී චිත්‍රපටි බලල හැදුන අපේ වයස් කාණ්ඩෙ මගේ සමහර යාලුවො, නෑදෑයො අහපු දෙයක් තමයි, රේනුකා කොහොමද අනේ ඔයා පාරෙ බැහැල යන්නෙ? මිනිස්සුන්ට මුහුන දෙන්නෙ? ලැජ්ජයි නේද යනාදී වශයෙන් Hint පාස් කලත්, අම්මෙකුට තමන්ගෙ දරුවගෙ සැප, සතුට තරම් වටින දෙයක් මේ ලෝකෙ තවත් නෑ.
ඒ දෙන්නගෙ විවාහයට සහබාගි වෙන්න මම එංගලන්තයට ගියේ ඉතාමත් සතුටින්. මම දැකල තියනව මගේ මිතුරු සමාජය ඇතුලුව, බහුතර දෙමව්පියො තමන්ගෙ සමාජ තත්වය, පරම්පරාවෙ මාන්නෙ රැකගන්න දරුවන්ගෙ සතුට බිල්ලට දෙනව. තමං මහන්සිවෙලා උස්මහත් කරපු ඒ දරුවන්ව නොගැලපෙන කසාදවල හිර කරල ,කූඩු කරනව.
මේකද සැබෑ අම්මෙක්ගෙ ආදරය? අම්මෙක් තමංගෙ දරුවට දෙන ආදරයට ගැහැනුද? පිරිමිද? සමලිංගිකද? යන කාරණා අදාල නෑ.
ඒ වගේම මම ගොඩාක් සංතෝස වෙනව අරිත හදවතට අවංකව, ලෝකෙ මිනිස්සු මොනා කියයිද කියන දේ මායිම් නොකර, හිතට එකඟව ගත්ත මේ තිරණයට.
තමංගෙ සමාජ පංතියෙ පුහු මාන්නෙ රැකගන්න දරුවන්ව නොගැලපෙන් කසාද කූඩුවල හිරකරන දෙමව්පියන්ගෙන් ඉල්ලනව, අපි දරුවො හදන්නෙ උන් ලෝකෙ පුරා සංතෝසෙන් තටුගහල පියාඹල යනව ආසාවෙන් බලං ඉන්න මිසක්, දරුවො අපේ කූඩුවල දාල හිරකරල තියාගන්න නොවන වග!
දරුවො සමලිංගිකයි කියල ගෙවල්වලින් දොට්ට දාන අම්මලට මම ආදරෙන් මතක් කරනව, අපි දරුවො හදන්නෙ අපේ ජීවිතේට එලිය ගේන්න සහ ලෝකය ලස්සන කරන්න මිසක්ක, මහත්තයගෙ පරම්පරාවෙ නම්බුව ආරක්සාකරගන්නම නෙවේ ! ”
Aritha and Dave I love you Both”
2025 ජූනි 21, පෙ.ව. 12:09
2025 ජූනි 21, පෙ.ව. 12:05
2025 ජූනි 20, ප.ව. 5:26
2025 ජූනි 20, පෙ.ව. 12:09
2025 ජූනි 20, පෙ.ව. 12:05
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
21-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
19-06-25
19-06-25