hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 21, ප.ව. 8:19



ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උත්සව අතරතුර සිදුවූ අනතුරු වලින් අවුරුදු 5 ක දරුවකු කොමා තත්ත්වයට පත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා ඔවුන්ගේ බසය ගමන් ගන්නා මාර්ගය දෙපස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක් රැස් ව සිට ඇති අතර බසය ගමන් ගන්නා මාර්ගයට ඉහළින් තිබූ පාලමක සිට ආර්ජන්ටිනා කණ්ඩායම ගමන් ගත් බසයට ක්‍රීඩා ලෝලීන් පැනීමත් සමඟ ආර්ජන්ටිනා කණ්ඩායම ගුවනින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ක්‍රීඩා ලෝලීන් බසයට පැනීමට උත්සාහ කරන අතරතුර තවත් පිරිසක් පොලිස් මෝටර් රථයක් පැහැර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පැවසුවා.

එසේම තවත් තරුණයෙකු ආර්ජන්ටිනා කණ්ඩායම ලෝක ශූරතාවය දිනීමේ සතුට සමරන අවස්ථාවේ හිසට සිදු වූ තුවාල හේතුවෙන් රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 19 වැනිදා මියගිය බව ආර්ජන්ටිනා සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා.

24 හැවිරිදි තරුණයා තම වහලට නැග ප්‍රීති ඝෝෂා නගමින් සතුට සමරා ඇති අතර එහිදී වහලය කඩා වැටීමෙන් අනතුර සිදු ව ඇති බවත් ආර්ජන්ටිනා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.