2026 අප්‍රේල් 14, පෙ.ව. 12:04
ඇය ඉන්දීය සිනමාවේ පසුබිම් ගායනය තුළ නොමැකෙන නමක් දිනා සිටි ආකර්ශනීය චරිතයක්.
ආශා බෝස්ලේ, ලෝකය පුරා ඒ හඬට ආදරය කරන සුවහසක් රසික සිත් කම්පාවට පත් කරමින් ඇය ජීවන ගමනට සමුදුන්නා.
ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මුම්බායි හි රෝහලකට ඇතුළත් කළ මේ ප්‍රවීණ ශිල්පිනිය, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි, පවුලේ ආරංචි මාර්ග තහවුරු කරන්නේ.
ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිල ප්‍රකාශයක් නිකුත් කරමින් ඇයගේ මිණිබිරිය වන සනායි බෝස්ලේ සඳහන් කර ඇත්තේ, පවතින දැඩි විඩාව සහ පපුවේ ඇති වූ ආසාදනයක් හේතුවෙන් ඇය මෙලෙස රෝහල්ගත කළ බවයි.
කෙසේ වෙතත්, ඇයගේ නික්මයාමත් සමඟ සනායි බෝස්ලේ හෘදයාබාධයකට ලක් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ව්‍යාජ තොරතුරු බව වාර්තා වුණා.
සිය මිත්තණියගේ පෞද්ගලිකත්වය සුරකින ලෙසත්, ඇයගේ සුවය පතා ප්‍රාර්ථනා කළ සැමට ස්තූතිවන්ත වන බවයි සනායි වැඩිදුරටත් පැවසුවේ.
1933 වසරේ උපත ලැබූ ආශා බෝස්ලේ, අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා මංගේෂ්කාර්ගේ සොහොයුරියක්ද වෙනවා. වසර 70කට අධික කාලයක් බොලිවුඩ් සිනමාවට තම හඬ දායකත්වය ලබා දී ඇති ඇය, ගීත 12 000කට අධික ප්‍රමාණයක් ගායනා කර තිබුණා.
2026 අප්‍රේල් 14, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:01
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:04
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:18
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26
13-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26
12-04-26