2023 ජනවාරි 01, පෙ.ව. 9:36
එලැඹෙන ජනවාරි 17 වැනිදා වසර 30කට පසුව සෙනසුරු තමන්ගේම බලය පෙන්වන කුම්භ රාශියට පිවිසීම අප රටේ දේශපාලනය තුළ පෙරළියක් ඇති කිරීමට බලපාන ප්‍රබල හේතුවක් බව ජ්යෙතීෂ්යවේදී සරත්චන්ද්‍ර බෝතලාගේ මහතා පවසනවා.
රට ගැන ඒ මහතා කළ ජ්‍යෙතීෂ්‍ය අනාවැකිය පහතින්,
සෙනසුරු ග්‍රහයා යමක් දෙනව වගේම එය ආපසු උදුරා ගැනීමටද පසුබට වන්නේ නැත. මීට ඉහතදීත් සෙනසුරු මාරුවක් සිදුවුණු සෑම මොහොතකදීම වාගේ අප රටේ දේශපාලනඥයන් හට අමතක නොවන පාඩම් ලබා දුන් බව මතක තබාගත යුතුය.
තිබෙන ආණ්ඩුව පෙරළා වෙනත් පක්ෂයක් බලයට පැමිණීමට සෙනසුරුගේ ක්‍රියාකලාපය හේතු වූ අවස්ථා තිබේ.
2020 වර්ෂයේ සෙනසුරු මකර රාශි ගතවීමත් සමඟ පොහොට්ටු ආණ්ඩුව බලයට පත්වීම හේතුවිය. යමකු හොඳක් කළොත් එම අය ආරක්ෂා කිරීමට සෙනසුරු පසුබට නොවනවා වගේම යමකු නරකක් කළොත් ඔහු උස්සලා පොළොවේ ගැසීමත් සෙනසුරුගේ ස්වභාවය බව මතක තබා ගත යුතුය.
මීට ඉහතදී සෙනසුරු කුම්භ රාශියට පිවිසුණේ 1993 දීය. අප රටේ දේශපාලන ක්ෂේත්රය තුළ අමතක නොවන සිදුවීමක් ඇතිවූයේ 1993 වර්ෂය තුළයි. එවකට බලයෙහි සිටි ප්‍රේමදාස මැතිතුමා 1993. 05. 01 වැනිදා එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූයේ සෙනසුරු කුම්භ රාශිය තුළ ගමන් කරන කාලය තුළයි. සෙනසුරු, කුම්භ රාශි ගතවීම දේශපාලන නායකයන් හට ඉතාම අහිතකරයි.
2005 වසරේ චන්ද්‍රිකා මැතිනියගේ බලය අහිමි වූයේ සෙනසුරු කටක රාශියට පැමිණීමත් සමඟයි.
අප රටේ ලග්නය ලෙසට හඳුන්වන්නේ කුම්භ රාශියයි. කුම්භයට සෙනසුරු පැමිණීම ලංකා කේන්දරය අනුව ලග්න ඒරාෂ්ටකයයි. මෙහිදී සෙනසුරු බලවත් වීම රටේ ජනතාවගේ නැඟිටීමයි. ජනතාව නැඟිටින සෑම මොහොතකදීම දේශපාලනඥයන් හට හොඳ නැත. වත්මන් ආණ්ඩුව සෙනසුරු ග්‍රහයාගේ බලපෑම මත බලයට පත්වූවත් නැවත එය උදුරා ගැනීමට සෙනසුරුගේ කුම්භ රාශි ගතවීම ප්‍රබල සාධකයක් වීමට පුළුවන. 2023 ජනවාරි 17 වැනිදා කුම්භ රාශියට පිවිසෙන සෙනසුරු 2025 මාර්තු 29 වනතුරු කුම්භ රාශිය තුළ ගමන්කරනු ඇත. 2023 වර්ෂය වත්මන් ආණ්ඩුවට ඉතාමත් තීරණාත්මක වර්ෂයකි. ආණ්ඩුවට තනි තීරණ මත කටයුතු කිරීමට නොහැකිවන අතර රටේ ජනතාවගේ පෙළගැස්ම වැළැක්විය නොහැකිය. මැතිවරණයක් පැවැත්වීමේ තීරණය ගැනීමට අකැමැත්තෙන් හෝ ආණ්ඩුවට සිදුවනු ඇත. මෙහිදී පොහොට්ටු ආණ්ඩුවට ඉතාමත් අවාසි තත්ත්වයක් ඇතිවන අතර සමගි ජන බලවේගය පක්ෂය ඉදිරියට ඒම වැළැක්විය නොහැකිය. ඊට හේතුව සජබෙ නායක සජිත් මහතාගේ ග්‍රහචාරය බලවත් වීමයි. එතුමාට අවු 2 1/2ක් පුරා පැවැති අෂ්ටම ඒරාෂ්ටක අපලය නිමාවනු ඇත. සෙනසුරු පූර්ව භාග්‍යස්ථාන ගතවීම නිසා පෙර පින පලදෙයි.
වත්මන් ජනාධිපති වික්‍රමසිංහ මහතාට සෙනසුරු මාරුවත් සමඟ ලග්න ඒරාෂ්ටක අපලය ආරම්භ වන අතර එතුමාට ජන්ම හා ලග්න ඒරාෂ්ටක අපල දෙකක් එකට ගතවෙනු ඇත. දැඩි පීඩාකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවන අතර අකැමැත්තෙන් හෝ පොහොට්ටුව සමඟ ඇති එකඟතාවන්වලට පිටුපෑමට සිදුවෙයි. සෙනසුරු කුම්භ රාශි ගතවීම රටේ ජනතාවගේ යහපත උදෙසා හේතු වන අතර වැටුණු රට නැවත නැඟිටීමේ ආරම්භය මෙය විය හැකිය. රජකම් කෙරුවත් කලකම් පලදෙන්නේ සෙනසුරු කුම්භ රාශිය තුළ ගමන්කරන කාලය තුළයි. ජනතා බලයෙන් වැජඹුණු දේශපාලනඥයන් පසුගිය කාලය තුළ රටට, රටේ ජනතාවට අවාසි වන අන්දමට කටයුතු කළා නම් ඔවුන්ට ගැලවීමක් නැත. සෙනසුරු මාරුවේ බලපෑම තදින්ම ක්‍රියාත්මක වන්නේ 2023 අප්‍රේල් අන්තිම සිටයි. ඊට හේතුව ප්‍රබල ග්‍රහයකුවන ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාද වසර 12කට පසුව මේෂ රාශියට පැමිණීමයි. එතැන් සිට රටේ ජනතාවගේ නැඟිටීම කිසිවකුට වැළැක්විය නොහැකිය.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05