hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 27, පෙ.ව. 11:34



2023 අප්‍රේල් මාසයෙන් පසු රටට සෞභාග්‍ය උදා වන බව ප්‍රවීණ ජෝතිෂවේදී එස්.ජේ.සමරකෝන් මහතා සඳහන් කරනවා.

ජූලි මස මැද භාගයේ සිට ඔක්තෝම්බර් දක්වා කාලය රටට අයහපත් කාලයක් බව ද ඒ මහතා පෙන්වා දෙනවා.

ලංකා කේන්දරයේ ධනස්ථානය සහ අයස්ථාන අධිපති ධනස්ථානගතව වක්‍ර වීම තුළ පවතින තත්ත්වයට වඩා ආර්ථික තත්ත්වයන් බින්දුවටම වැටීම වැළැක්විය නොහැකි බවත් එම තත්ත්වයෙන් ගොඩ ඒමට නම් පවතින නායකත්වය අනිවාර්යෙන්ම වෙනස් විය යුතු බව ද ඒ මහතා අවධාරණය කර සිටිනවා.

මෙම පාලනය තිබෙන තාක් කල් රට ආගාධයට වැටීම වැලැක්විය නොහැකි බවද සමරකෝන් මහතා පවසනවා.

රට තුළ රාජයෝග සහිත රජෙක් රජ වීම නිසා මෙම ප්‍රශ්න ඇති වී ඇති බවත් පවුල්වාදය රජ කරපු නිසාත් ජාතික ධනය සූරා කෑම නිසාත් මෙම තත්ත්වය රටට උදාවී ඇති බවත් මෙම පුණ්‍ය භූමිය කෙලෙසු කිසිම අයෙක් ඉතිහාසය පුරා යහතින් ජීවත් වී නොමැති බවද ඒ මහතා අවධාරණය කරයි.

රටට වින කරන, වින කළ සියලුම පිළිලයන් ස්වභාව ධර්මයා විශ්ව ශක්තිය තුළින් අතුගා දමන කාලය වැඩි ඈතක නොවන බවත් මෙම රටට වින කළ ඒ පාලනය සැප්තැම්බර් මස 9 වනදාට ප්‍රථම බිමට සමතලා වනු ඇති බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

රට ජාතිය ගැන සිතා කටයුතු කරන අය දෙවියන් ආරක්ෂා කරන බවත් රට විනාශ කළ අයට ඉදිරි කාලය තුළදී වන්දි ගෙවීමට සිදු වන බවත් සමරකෝන් මහතා පෙන්වා දෙනවා.

දුර්දාන්ත පාලනය ඉදිරියේ දී අනිවාර්යයෙන් විනාශ වී 2023 අප්‍රේල් වලින් පසු රටට ආදරේ කරන නායකයෙක් පහල වන බවත් රට සෞභාග්‍ය කරා ගමන් කරන බවත් සමරකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.