hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 ජූලි 29, පෙ.ව. 12:06



ජූලි මස 30දා උදේ 10.23ට රෝහිණී හෙවත් රෙහෙණ නැකැත උදාවන අතර පසුදා එනම් 31 දින උදේ 10.12 දක්වා සඳු ග්‍රහයා එකී නැකැත තුළ ගමන් කරයි.

සඳු ග්‍රහයා රෙහෙණ නැකැත තුළ ගමන් කරන රෝහිණී යෝගය ලෙස හැඳින්වෙන මෙම කාලය තුළදීම පසුගිය 15 වැනි දින යුරේනස් – කුජ ග්‍රහ යුද්ධයෙන් පරාජය වූ කුජ ග්‍රහයාද රෙහෙණ නැකැතේම ගමන් කරමින් ඉහත දින ආශ්‍රිතව තවදුරටත් භූ චලන, අසාමාන්‍ය වායු කැලඹිලි තත්ත්ව සහ මුහුද ආශ්‍රිත සුළි කුණාටු තත්ත්ව වර්ධනය කිරීමේ අවදානමක් පවතී.

මෙම කාලය තුළ ධීවර ප්‍රජාව මුහුදු යන්නේ නම් ප්‍රවේශම් වීම වැදගත් වේ.

දිවයිනට නැඟෙනහිර සහ ගිනිකොන දෙසින් වූ සාගරය තුළ භූ කම්පන තත්ත්වද උද්ගතවීමේ ඉඩක් පවතින අතර බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිත පීඩන අවපාත තත්ත්ව හටගැනීමේ අවදානමක්ද ඇත.

ආසියානු කලාපීය රටවල් හරහා වයිරස් රෝග තත්ත්ව ශීඝ්‍ර පැතිරීමකට ඉඩකඩ සැකසෙන අතර ඉන්දියාවේ දකුණු දිග ප්‍රදේශය හරහා ඒවා ව්‍යාප්ත වන තත්ත්වයක්ද පෙන්වයි.

ඉහත රෝහිණී යෝගය යෙදී අවසන් වන ජූලි 31 දිනයේම සවස 2.33ට සිකුරු ග්‍රහයා වෘෂභ රාශිගත වන අතර කේතු හිමි මා නැකැතේ ගණ්ඩාන්ත ‍ෙදා්ෂ සහිතව ගමන් කරයි. මේ ආශ්‍රිත දිනවල ප්‍රසිද්ධ කලාකරුවන්ට අසුබදායක වන අතර දේශපාලනය තුළ ආන්‍ෙදා්ලනාත්මක සිදුවීම්ද අසන්නට ලැබෙනු ඇත.

සමස්ත ග්‍රහ සිතියම තරමක අසුබ බවක් තදින්ම පෙන්වන කාලයක් නිසා ජූලි මස අවසානය සහ අගෝස්තු මුල් සතිය ආධ්‍යාත්මයට, ආගම දහමට නැඹුරුව කටයුතු කිරීම රටේ සමස්ත ජනයාටම වැදගත් බව ප්‍රකාශ කළ යුතු වේ.
( උපුටා ගැනීමකි )





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: