hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2022 මැයි 07, ප.ව. 6:13



මේ දවස්වල නම් පොලිස් නිලධාරීන් දිහා ජනතාව බලන්නේ වපර ඇහැකින් කිව්වොත් නිවැරදියි.

ඒකට සාධාරණ හේතු කන්දරාවක් තියෙනවා.

නමුත් මේ කියන්න යන සිදුවීම සාධාරණද අසාධාරණ ද කියන දේ නිගමන ඔබ සතුයි.

මේ සිදුවීම බොරැල්ල මංසන්ධියේ සිදු වූ සිදුවීමක්.

තරුණියක් පොලිස් නිලධාරියෙකුට බැන වදිමින් හැසිරෙන ආකාරය ඒ අසල සිටි පුද්ගලයෙකු ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කර තිබෙනවා.

මෙය සිදුවී ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නතර කර එහි යතුරු පැදිකරුගේ රියදුරු බලපත්‍රය ලබාගැනීමත් සමගයි.

පොලිස් නිලධාරියාට බැන වදිමින් තරුණියක් තර්ජනය කරනවා.

පසුව එම තරුණිය සහ එහි පැමිණි තරුණයා රියදුරු බලපත්‍රය යළිත් ලබාගෙන පිටත්ව ගොස් තිබෙනවා.