hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 20, ප.ව. 7:21



ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනා ගැනීමට තමන්ද මූලික වූ බව ජෙරම් ක්‍රියා ප්‍රනාන්දු පියතුමා සඳහන් කළා.

ඒ ආසියානු කුසලාන ජයග්‍රහණය කිරීමෙන් පසුව ඔහු මේ බව කියා සිටියේ එම ආගමේ විශේෂ සමුළුවක් අමතමින්.

එම සමුළුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ මහතා ද සහභාගී වී සිටියා.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

බොහෝ දෙනෙක් භානුක රාජපක්ෂ මහතාව දැඩි ලෙස විවේචනය කරන්න පෙළඹුණේ තම උපන් හැකියාව පාස්ටර් කෙනෙකුට පුජා කරන හැටි දැක්කම ඇත්තටම ලැජ්ජා හිතෙන බවයි.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන සටහනක් පහතින්,

භානුක ලජ්ජයි,දුකයි, ඔබ ගැන…

ඔබ මගේ ඥාති පුත්‍රයෙක්…

උපන් හැකියාවන් වලින් යුත් ඔබ ඔබේ හැකියාවන් පාස්ටර් කෙනෙකුට පුජා කරන හැටි දැක්කම ඇත්තටම ලැජ්ජ හිතෙනවා..

ඔයා බිංදුවට යන වෙලාවේ ඔය පාස්ටර්ගේ දෙවියන් වහන්සේ කොහේද ඉන්නේ..?

බිංදුවට යනකොට යක්ශයා…

වදින වෙලාවට දෙවියන් වහන්සේ…

මේ කතෝලික ආගම නෙවෙයි..

යේසුස් වහන්සේගේ දර්ශනය නෙවෙයි..

හම්බකරන් කන්න මිනිසුන්ගේ මොලේ සුද්ද කරලා හූරගෙන කන්න හදාගත්ත ක්‍රමයක්… ආගමක්…

ඔය විදියට බැලුවොත් එංගලන්තය ඕස්ට්‍රේලියාව නවසීලන්තය බටහිර ඉන්දීය කොදෙව් ඇරෙන්න වෙන කාටවත් ක්‍රිකට් දිනන්න හම්බ වෙන්නේ නෑ..

මොකද දෙවියන් වහන්සේ අදහන මිනිස්සු ඉන්නෙ අති විශාල වශයෙන් ඉන්නේ ඒ රටවල්වල…

එක පාස්ටර් කෙනෙක් කියන එකට වැඩිය කෝටි ගානක් තමන් අදහන මිනිස්සු ඉන්න රටකට ජයග්‍රහණය අරන් දෙන්න දෙවියන් වහන්සේ දෙසැරයක් හිතන එකක් නෑ…

අනිත් එක භානුක ගහන්නෙ ඔය පාස්ටර්ගේ දෙවියන් වහන්සේගේ බලයෙන් නම්, භානුක ව බෞද්ධ පියකුට දාව බෞද්ධ මවෙකුගෙ කුසින් බිහි වෙන්න ඉඩ දීලා බලන් හිටියේ ඇයි ද දන්නේ නෑ…

ඕන කෙනකුට තමන් කැමති ආගමක් අදහන්න නිදහස තියෙනවා…

ඒ ගැන කිසිම වාදයක් විවාදයක් නෑ..

බෞද්ධ දර්ශනය කතෝලික ආගම මුස්ලිම් ආගම හින්දු ආගම…. මේ සියලුම ආගම් අදහන මිනිස්සු අපේ හිතවතුන් අපි අතරේ ඉන්නවා… නෑදෑයො ඉන්නවා..

එහෙම තමයි වෙන්න ඕනේ..

හැබැයි කණ්ඩායමක් ලබාගන්න ජයග්‍රහණයක් ඒ වගේම දහසක් දෙනාගේ ආශිර්වාදය ඔබට ලබාදීලා ලබාගන්න ජයග්‍රහණයක් කොහෙවත් ඉන්න පාස්ටර් කෙනෙක් ගේ දෙවියන්වහන්සේට ලඝු කරන්න යන්න එපා…

ඒ පාස්ටර්ට මිනිසුන්ගේ ඔලු හෝදන්න වෙළඳ දැන්වීමක් වෙන්න යන්න එපා…

ඔයා අදහන ආගමක් පාඩුවේ අදහාගෙන හිටියට කමක් නෑ…

ඒක ඔයාගේ අයිතිය….

ඔබ පසුගිය කාලේ අසාධාරණයට ලක්වෙන වෙලාවේ ඔබ වෙනුවෙන් කතා කරේ ඔය පාස්ටර්වත් පාස්ටර්ගේ දෙවියන් වහන්සේ වත් නෙවෙයි, මේ රටේ ක්‍රිකට්වලට ආදරය කරන අපි වගේ මිනිස්සුයි, භානුක….

ඔයා අසාර්ථක වී ගෙන යන කොට ඔයාට ක්‍රිකට් තුළින් අයින් වෙන්න කිව්වේ කවුද කියලා ඔයාට මතකද..?

ඒ ඔය පාස්ටර් සහ එයාගෙ දෙවියන් වහන්සේ නෙවෙයිද..?

ඒ වෙලාවේ ඔයාට ආපහු ඒ තීරණය වෙනස් කරන්න කියලා කිව්වෙ කවුද කියලා ඔයාට මතකද.?

ඔයා වෙනුවෙන් පෙනී හිටියේ කවුද කියලා මතකද..?

ලැබෙන මුදලින් සියයට විස්සක් කප්පම් ගෙවන්න වෙලා තියෙනවා කියලත් ආරංචියි…

අනිත් එක ඔය පාස්ටර්ගෙ දෙවියන් වහන්සේ අදහන ක්‍රීඩකයෝ ඉන්න රටවල් දෙකක් මැච් එකක් ගැහුවොත් මාර වැඩක් තමයි වෙන්නේ…

හැම මැච් එකක් ම ලකුණු සම කරලා අවසන් කරන්න වේවි..

ඔයාගෙ හයේ පහරවල් ගහන්නේ දෙවියන් වහන්සේ නම් අර අතට දීලා අවුට් වෙලා යන ඒව ගහන්නේ කවුද..?

ඔය විදියට බැලුවහම රටක ටීම් එකට මිලියන ගණනක් ගෙවලා පුහුණුකරුවකු භෞත චිකිත්සකකු වෙනම batting bowling fielding coach ලා කවුරුවත් ගෙන්වන්න ඕන නෑ ..

මේ ජාතියෙ පාස්ටර් කෙනෙක් හොයා ගත්ත නම් හොඳටම ඇති..

ඒකත් මරු දර්ශනයක්…..

අනවශ්‍ය භේද ඇවිල්ලා කණ්ඩායමේ තියෙන සාමූහිකත්වයක් නැතිවෙන සෙල්ලමක් තමයි මේක…..

ඔයාගේ අම්මල තාත්තල ඔයාව ලංකාවෙ තියෙන හොඳම පාසලකට දාලා ලංකාවේ හොදම පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනකොට ඔය පාස්ටර්ගේ දෙවියන් වහන්සේ ඔයා ළඟ හිටියේ නෑ නේද..?

ලජ්ජාවට වැඩිය ඔයා ගැන හරි දුකක් අපට තියෙන්නේ..

සනත් ජයසූරිය ගෙන් පස්සේ ත්‍රාසජනක හයේ පහරක් එල්ල කරානම් ඒ ඔයා විතරයි…

ඒ වගේ කොල්ලෙකුට මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියන එකයි අපට තියෙන දුක…..

මගේ ඥාති පුත්‍රයකු ට වෙලා තියෙන දේ ගැනයි මට තියෙන ලැජ්ජාව…

සිද්ධියට අදාළ වීඩියෝව පහතින්,

“පාන්දර 01ට තමයි තීන්දුව වෙනස් වුණේ” – ලෝක කුසලානය දිනපු හැටි ජෙරම් ප්‍රනාන්දු පියතුමා භානුකත් ළඟ තියාගෙන කියයි (VIDEO)