2025 දෙසැම්බර් 31, ප.ව. 12:29
ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර තිබේ.
ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමිව ඇති අතර, විපක්ෂව හිමිවූයේ ඡන්ද 56ක් පමණයි.
කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය දෙසැම්බර් 22 වැනිදා සභාවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී එය පරාජයට පත්වුණි.
පළමු වර අයවැයට විපක්ෂව ඡන්ද 60ක් එහිදී හිමි වූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණයි.
එවන් පසුබිමක අද දිනයේදී යළිත් වරක් කොළඹ මහ නගර සභාවේ අයවැය නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවැනිවරට පැවති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්දයෙන් සම්මත වුණි.
2026 ජනවාරි 23, ප.ව. 3:58
2026 ජනවාරි 23, ප.ව. 12:39
2026 ජනවාරි 19, ප.ව. 4:32
2026 ජනවාරි 14, ප.ව. 3:34
2026 ජනවාරි 14, ප.ව. 12:06