hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 25, ප.ව. 4:41



24 වන දින රාත්‍රී කාලයේ ඇල්පිටිය පොලිස් වසමේ අනුරුද්ධගම කරන්දෙණිය ප්‍රදේශයේ අවුරුදු 03 යි මාස 06 ක පිරිමි දරුවෙකුට කෲර ලෙස සලකන බවට 118 කෙටි පණිවිඩ මධ්‍යස්ථානයෙන් ඇල්පිටිය පොලිසියට ලද පණිවිඩයක් මත විමශන ආරම්භ කර දරුවාගේ පියා ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන කරන්දෙණිය, අනුරුද්ධගම ප්‍රදේශයේ පදිංචි අරක්කැමිවරයෙකි.

සැකකරුගේ වයස අවරුදු 24 ක් වන බිරිඳ රැකියාවක් සඳහා විදේශගතව ඇති අතර සැකකරු සහ මෙම දරුවා පමණක් නිවසේ සිටී.

සැකකරු විසින් දරුවාගේ අත් ඔසවා බිම දණ ගස්වා දරුවා විසින් ආහාර ඉල්ලා සිටීමේදී පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවත්, දරුවාගේ එක් පාදයක් පාපැදියක ඉදිරිපස රෝදයට යට කරමින් කෲරත්වයට පත් කර ඇත.

මෙම සැකකාර පියා මෙලෙස දරුවා කෲරත්වයට පත්කිරීම් වීඩියෝගත කර විදෙස්ගත දරුවාගේ මවට යොමු කිරීමට කටයුතු කර ඇති බවටත් සිදුකරන ලද විර්මශනයේදී අනාවරණය වී ඇත.

අදාල වීඩියෝ පටය මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන බවට නිරික්ෂණය වේ. ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: