2024 මාර්තු 10, පෙ.ව. 12:08
කැනඩාවේ ඔටාවා අගනුවර පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු නිවස තුළදීම සාහසික ලෙස ඝාතනය කරනු ලැබු ශ්‍රී ලාංකික තරුණයා පිළිබඳව තවත් තොරතුරු රැසක් එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය කැනඩාවේ ඉගෙනුම ලබමින් සිටි 19 හැවිරිදි ෆ්‍රෑන්ක් ද සොයිසා නම් ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ එම නිවස තුළ රැඳී සිටියදීය.
මේ වනවිට එම තරුණයාට මිනිමැරීම සහ මිනී මැරීමට උත්සාහ කිරීම යන චෝදනා එල්ල කර තිබේ. ඔටාවා ඉතිහාසයේ සිදුවු දරුණුතම සමූහ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකාර ෆ්‍රෑන්ක් ද සොයිසාගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ ඔහුගේ හැසිරීම මෑත කාලයේදී ඉතා ඉක්මනින් වෙනස්වීමකට ලක්වු බවය.
ඒ සම්බන්ධයෙන් ෆ්‍රෑන්ක් ද සොයිසාගේ නැන්දණිය වන අනූෂා ද සොයිසා කැනේඩියානු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.
“මේ සිදුවීම අහලා මාව වෙව්ලන්න ගත්තා, ඒ පවුල ඔහුට ඉතා හොඳ පවුලක් ලෙස සැලකුවා, ඒ වගේම එම පවුල හරිම හොඳ පවුලක්, මේ දේ අහලා මම ගල් ගැසුණා, මට තවමත් නිදාගන්න බැහැ”
එමෙන්ම ඇය වැඩිදුරටත් පවසා තිබුණේ තම සහෝදරයාගේ වැඩිමහල් පුත්‍රයා වන ෆ්‍රෑන්ක් ද සොයිසා මීට වසර දෙකකට පෙර කැනඩාවට පැමිණි අතර ඔහු ඉතා නිහඬ තරුණයෙකු වගේම ඉතා යහපත් පුද්ගලයෙකු ලෙස සිටි බවය.
ෆ්‍රෑන්ක් ද සොයිසා කැනඩාවට පැමිණි පසු පළමු මාසය ඔහුගේ නැන්දණිය වන මෙම අනූෂා ද සොයිසා සමග ඇගේ නිවසේ පදිංචිව සිට තිබුණි. ෆ්‍රෑන්ක් පසුව ඔහු ඉගෙනුම ලැබූ ඇල්ගොන්ක්වින් විද්‍යාලයේදී මේ වනවිට තුවාල ලබා සිටින ධනුෂ්ක වික්‍රමසිංහ හඳුනාගෙන තිබේ.
එමෙන්ම ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ ධනුෂ්කගේ පවුලේ සාමාජිකයින් ශ්‍රී ලංකාවේ සිට ඔටාවා වෙත පැමිණි පසු ෆ්‍රෑන්ක්, ධනුෂ්ක වාසය කළ බෙරිගැන් ඩ්‍රයිව් නිවසේ පදිංචියට ගොස් ඇත්තේ එම හැඳුනුම්කම මත බවය.
එහි යාමට පෙර ෆ්‍රෑන්ක් ඔටාවා හී පිහිටි තවත් ඥාතියෙකුගේ නිවසේ වාසය කර ඇති අතර ෆ්‍රෑන්ක් ඔවුන් සියලුදෙනාම මඟහැර ධනුෂ්කගේ නිවසේ වාසය කිරීම සඳහා ගොස් ඇති බව ෆ්‍රෑන්ක් ගේ නැන්දණිය වැඩිදුරටත් පවසයි.
සය පුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඔටාවා පොලීසියේ අත්අඩංගුවේ පසුවන ෆ්‍රෑන්ක් ද සොයිසා එළඹෙන 14වනදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(උපුටා ගැනීමක්)
2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:02
2025 අගෝස්‍තු 23, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 23, පෙ.ව. 12:02
2025 අගෝස්‍තු 22, ප.ව. 1:00
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25