2025 ඔක්‍තෝබර් 19, ප.ව. 5:18
‘Mrs. Sri Lanka’ (Mrs. World Sri Lanka Organization) සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ විසින්, හිටපු (2019) ශ්‍රී ලංකා විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි වෙත ඊයේ (18) ලිපියක් යොමුකර තිබුණා.
ඒ, ඇය කළැයි කියන ‘අපහාසාත්මක ප්‍රකාශයක්’ ඉල්ලා අස්කර ගැනීමට හෝ නිවැරදි කරන ලෙස දන්වමින්.
ඊට ප්‍රතිචාර දක්වමින්, කැරොලයින් ජූරි විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයට අනුව, ඇය Mrs. World Sri Lanka Organization වෙතින් ලැබුණු දැනුම්දීමට එකඟව අදාළ සම්මුඛ සාකච්ඡාව සහිත වීඩියෝව YouTube වේදිකාවෙන් ඉවත්කර ගැනීමට කටයුතු කර ඇත.
එමෙන්ම අදාළ වීඩියෝවේ අන්තර්ගතය Mrs. World කිරුළින් තමා ඉල්ලා අස්වීම පිළිබඳ සිය පෞද්ගලික අත්දැකීම්වලට පමණක් සීමාවූවා මිස Mrs. Sri Lanka World කිරුළ පිළිබඳව නොවන බවත් ඇය එහි සඳහන් කර තිබේ.
එකී සම්මුඛ සාකච්ඡාවේදී අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, නීතිමය කටයුතු දැනට ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, සත්‍යය නිසි කලට හෙළි වන බවත් තමන් ප්‍රකාශ කළ බවයි කැරොලයින් සිය නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
එමෙන්ම ගෞරවනීය අධිකරණය විසින් යුක්තිය සහ සාධාරණත්වය තහවුරු කරනු ඇතැයි අපේක්ෂාවෙන් එම ප්‍රකාශය යහපත් චේතනාවෙන් කරන ලද බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එම වීඩියෝව ඉවත් කිරීම තුළින් තමන් මෙම කාරණය සාමකාමීව විසඳා ගැනීමට ඇති කැමැත්ත පෙන්නුම් කරන බවත් තමන් කළ ප්‍රකාශයන් සිය පෞද්ගලික අත්දැකීම් සම්බන්ධයෙන් වන අතර සංවිධානයේ කීර්ති නාමයට හානියක් කිරීමේ අරමුණක් ඊට නොතිබුණු බවත් කැරොලයින් පැහැදිලි කර ඇත.
2025 ඔක්‍තෝබර් 19, ප.ව. 5:14
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:49
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25