hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු 14, පෙ.ව. 12:11



විපක්ෂයේ සිටියදී භාණ්ඩ මිල අඩු කළ යුතු බවට සාකච්ඡා කළද, වර්තමානයේ ආණ්ඩුකරණයේ යෙදී සිටින විට ලෝකයේ සිදුවන ක්‍රියාවලියන් පාලනය කිරීමේ හැකියාවක් රජයට නොමැති බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා පවසයි.

පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිල යම් ප්‍රමාණයකින් ඉහළ නැංවීමට රජයට සිදු වූ බවත්, එසේ නොකළහොත් ඉදිරියේදී රටේ භාණ්ඩ හා සේවා අවශ්‍යතාවයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වීමේ අවදානමක් මතු විය හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එබැවින්, වත්මන් තත්ත්වය තේරුම් ගෙන හැකි සෑම විටම භාණ්ඩ හා සේවා භාවිතය සීමා කර ගනිමින් රජය වෙත සහයෝගය ලබා දෙන ලෙස තමන් ජනතාවගෙන් බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩසටහනකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: