hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2026 ඔක්‍තෝබර් 27, ප.ව. 3:06



එයාර්බස් ගණුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවට සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා, ඔහුගේ උප්පැන්න සහතිකය ඇතුළු පවුලේ හදිසි මානුෂීය කරුණු කිහිපයක් අධිකරණය හමුවේ තබමින් ඇප ඉල්ලීමක් සිදුකර තිබේ.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා සඳහන් කළේ, නාමල් රාජපක්ෂ මහතාගේ මෑණියන් (ශිරන්ති රාජපක්ෂ මහත්මිය) අද පස්වරුවේ හදිසි විවෘත හදවත් සැත්කමකට (Open-heart surgery) භාජනය වීමට නියමිත බවයි.

එමෙන්ම ඔහුගේ පියාණන් (හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා) දැඩි අධිරුධිර පීඩනය සහ විශාද (Depression) තත්ත්වයෙන් පසුවන බවත් ඇප ඉල්ලමින් නිතීඥවරයා කියා සිටියේය.