2026 ඔක්තෝබර් 27, ප.ව. 1:43
තර්ස්ටන් විද්යාලීය සංගීත අංශයේ සිසු දරුවන්ගෙන් සැදුම් ලත් වාද්ය වෘන්දයක සහභාගීත්වයෙන් සංවිධානය කෙරෙන ‘සත්සර තත්පර’ මියැසි ප්රසංගය 2026 නොවැම්බර් මස 01 වන දින සවස 6.30ට බිෂොප් විද්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
විද්යාලයීය සෞන්දර්ය අංශයේ එකමුතුවෙන් සහ විදුහල්පතිතුමාගේ මූලික මඟපෙන්වීම යටතේ ක්රියාත්මක වන මෙම ප්රසංගය විශේෂ වන්නේ, තර්ස්ටන් ඉතිහාසයේ මෙවන් සුවිසල් ප්රාසංගික වෑයක යෙදෙනුයේ වසර 25කට පමණ පසු වීම වීමයි.
2023 වසරේදී ආරම්භ වූ මෙම ප්රසංග මාලාවේ දෙවන අදියර ලෙස මෙය සංවිධානය කෙරේ.
ප්රසංගය වර්ණවත් කිරීම සඳහා ජනප්රිය ගායන ශිල්පීන් වන යසස් මැදගෙදර සහ නුවන්දිකා සේනාරත්න එක්වන අතර, මෑතකදී ජනප්රිය මාධ්යවල රියැලිටි තරගාවලි හරහා ජනප්රිය වූ තර්ස්ටන් විද්යාලයෙන් බිහි වූ ගායන තරු ද මෙහිදී තම දස්කම් දැක්වීමට නියමිතය.
ගායනයෙන් සිසුන් 50ක් සහ නර්තනයෙන් හා රංගනයෙන් සිසුන් 200ක් පමණ සහභාගී වන මෙම ප්රසංගය සඳහා කොළඹ විසාකා විද්යාලය, නුගේගොඩ අනුලා විද්යාලය සහ මිලාගිරිය ශාන්ත පාවුළු විද්යාලය යන පාසල්වල බාලිකාවෝ ද ආරාධිත ගායනයෙන් හා නර්තනයෙන් එක්වෙති.
ප්රසංගය පිළිබඳ වැඩිදුර තොරතුරු සහ ප්රවේශ පත්ර තර්ස්ටන් විද්යාලයේ සෞන්දර්ය අංශයෙන් ලබාගත හැක.




2026 ඔක්තෝබර් 27, ප.ව. 12:08
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 10:53
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:37
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:35
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:33