2026 මාර්තු 26, ප.ව. 7:17
ප්‍රවීණ නර්තන ශිල්පී නුවන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් සහ Ceylon Cultural Hub UK ශාඛා හතරක සාමූහික දායකත්වයෙන් සංවිධානය කරනු ලබන සුවිශේෂී “කලඑළි මංගල්‍යය” 2026 මාර්තු 28 වනදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතී.
යුරෝපයේ මෙතෙක් පැවැත්වෙන විශාලතම කලඑළි මංගල්‍යය ලෙස ඉතිහාසයට එක්වන මෙම මහෝත්සවය, සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් වර්ණවත් වේ.
මෙම මංගල්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගෞරවාන්විත සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා සහභාගී වන අතර, යුරෝපය හා ලොව පුරා විසිරී සිටින ප්‍රවීණ ශිල්පීන් රැසක් වන සමන් නිස්සංක මහතා (ඉතාලිය) , නලින්ද දිලුපම මහතා (ඇමරිකාව) , දුෂාන් අරුණ මහතා (එක්සත් රාජධානිය) , චමින්ද යටිරාවණ මහතා (එක්සත් රාජධානිය) , චාමර ගයාන් මහතා (එක්සත් රාජධානිය) ,නිරංජ ගුණසේකර මහතා (එක්සත් රාජධානිය) ඒ සඳහා එක්වෙති.
2026 මාර්තු 26, පෙ.ව. 12:21
2026 මාර්තු 26, පෙ.ව. 12:17
2026 මාර්තු 26, පෙ.ව. 12:12
2026 මාර්තු 25, පෙ.ව. 12:14
2026 මාර්තු 24, පෙ.ව. 12:16