hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 ජූලි 03, පෙ.ව. 4:30



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෑතකදී ලැබුණු වටිනාම ක්‍රීඩකයකු ලෙස ‘චාමික කරුණාරත්න’ නම්කරන්න පුළුවන්.

ඔහු බොහොම සටන්කාමී ක්‍රීඩකයෙක් වගේම තරඟ දිනවන්නෙකු ලෙස නම් කිරීම වඩාත් සුදුසුයි.

මේ චාමික කියන්නෙ, ක්‍රිකට් ක්‍රීඩාවට විතරක් නෙවෙයි මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, ඇතුළු තවත් ක්‍රීඩා කීපයකටම දක්ෂ දුර්ලභ ගණයේ ක්‍රීඩකයෙක්. 

ඔහු එතරම්ම සුවිශේෂී ක්‍රීඩකයෙක් වෙන්නේ අවසන් මොහොත දක්වාම කණ්ඩායමට ඔහුගෙන් අවැසි ඒ උදව් උපකාර සහයෝගය දෙන්න දෙපාරක් හිතන් නැති ධෛර්ය සම්පන්න ක්‍රීඩකයෙක් නිසයි.

ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක් බවට පත්වෙන චාමිකට අද අවස්ථාව උදා වෙලා.

බොහෝ දෙනෙක් ආදරය කරන්නේ ඔබගේ නිහතමානිකමට නේද කියලා අහපුවාම චාමික කිව්වේ මේ වගේ කතාවක්.

“ඒ මගේ හැටි ළමා කාලයේ ඉඳලම මට ඒ ගුණය තියෙන දෙයක්. මම අනිත් අයට උදව් කරන්න කැමතියි ඒක අපේ පවුලෙන් ආපු දෙයක් මගේ අයියලත් එහෙමයි ක්‍රිකට් වලට කැමතියි  අපි පොඩි කාලෙදි මැච් බලන්න ගියාම ක්‍රිකට්  පින්තූර ගන්න ආසයි. හැබැයි කවුරු හරි බෑ කිව්වොත් හිතට දුකයි ඉතින් ඒ නිසා කාගෙවත් හිත් රිද්දන්න මම කැමති නැහැ හැකි විදිහට එයාලා එක්ක කතා කරනවා සෙල්ෆි ඡායාරූපයකට හරි පෙනී ඉන්නවා. මොකද මට මගේ පුංචි කාලේ මතක් වෙනවා. නිහතමානිකමට වඩා මම ප්‍රේක්ෂකයන්ගේ හිත් රිදවන්න අකමැති ඒක නිසා වෙන්න ඇති බොහොම දෙනා මට ආදරේ”