hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 ජූනි 12, පෙ.ව. 9:00



චන්දිමාල් කියලා කිව්වහම මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑ. ඔහු එතරම්ම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ වසරක් පාසා ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන රාජකීය උපන්දින සාදය නිසයි.

වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් මේ වෙද්දි සල්ලි යහමින් තියෙන පුද්ගලයෙක් කිව්වත් නිවැරදි. 

මේ දිනවල වැඩිපුරම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන මාතෘකාවක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වාගේ කිරුළු හුටපටේ වගේම හඬපට හුටපටේ.

පුෂ්පිකා ද සිල්වා ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ “සිව්වැනි ස්ථානයට” පත් වූ බව පැවසුවා. නමුත් එම තරගාවලියේ කමිටු මණ්ඩල සාමාජීකාවක වන ලිබ්බි එයට ප්‍රතිචාර දක්වා තිබුණා.

ඇය පවසා තිබුණේ, මෙම තරගාවලිය තුළ තෙවන, සිව්වැන හෝ වෙන යම් ස්ථාන නොමැති බවත්, ඇත්තේ ජයග්‍රාහිකාවක සහ අනුශූරතාව පමණක් බවයි.

ඒ අස්සේ කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක උපදෙස් ලබා දෙන හඬපටයක් සමාජ මාධ්‍යයට මුදා හැරෙනවා.

ඒ සමඟම පුෂ්පිකා සටහන් කිහිපයක්ම මුහුණුපොතට එකතු කළා.

කෙසේවෙතත් පසුගිය දවසක ඡායාරූපයක් මුහුණු පොතට එක් කරමින්, චන්දිමාල් පැරණි මතක ආවර්ජනයක යෙදුණා.

“අදටත් සමහර තැන් දකිද්දි දැනෙන්නෙ වෛරයක්, එ වගේම ආදරයක්. එ හැම තැනකම මැවිල පේන්නෙ මෘගයො ටිකක් විනාස කරපු එක කතාවක්. එදා උන් වලදාපු එක දෙයක් තවම හුස්ම ගන්නවා.හැබැයි උන් දන්නෙ නැතුව ඇති. මොකද ඒ උන් විනාස කරපු එක දෙයක් ආයිත් ලැබෙනකන්……!”