hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2026 මාර්තු 02, පෙ.ව. 12:15



හැම හමුවීමක් පිටුපසම වෙන්වීමක් තියනවා කියන කතාව සමහරවිට ඔබ පිළිගන්න  අකමැති වෙන දෙයක් වුණත් ඒ යථාර්ථය සමහරවෙලාවට අපට පිළිගන්නම සිද්ධ වෙනවා. 

මේ කියන්නේ අන්න ඒ වගේ ඇයගේ මුහුණුපොතේ පළවුණු සංවේදී සටහනක් ගැන කතාවක්. චතූ රාජපක්ෂ, ඇය වසර ගණනකට පසු සතුටු වුණ විශේෂ දවසක් ගැන ඇය මුහුණුපොතට සටහනක් එක්කරලා තිබුණා.

ඒ ඇයගේ ආදරණීය අම්මා ගැනයි. ඇය වසර 17කට පස්සේ මේ පුංචි පවුලත් එක්ක එකතු වෙනකොට, ඇයගේ සහෝදරිය නැවතත් විදෙස්ගත වෙලා.

මෙන්න බලන්නකෝ චතූ නැවත වරක් සංවේදී වෙමින් අක්කා වෙනුවෙන් තබා තිබූ ඒ සටහන..

“ජීවිතේ සමහර තීරණ තියෙනවා අපි නොහිතන වෙලාවක අපිට ගන්න වෙන.. මේකත් එහෙම එකක්.අවුරුදු 17කට පස්සේ අම්මා අපි ලගට එනකොට අපේ ගෙදර දෙවෙනි අම්මා රට ගියා.. ලොකු ලොකු බලාපොරොත්තු වලට නෙමේ චූටිම චූටි ලස්සන හීන වලට පණ දෙන්න..
ඔයා වෙනුවෙන් ඕනිම වෙලාවක අපි ඉන්නවා..ඒක මතක තියාගන්න..
ඉක්මනින් ඔයාව බලන්න එන්නම් මං..
බුදු සරණයි අක්කී..
පරිස්සමෙන් ගිහින් එන්න..”







ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: