hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 07, ප.ව. 2:09



ගාල්ල මහමෝදර වෙරළ තීරයේ පෙම්වතිය සමග පෙම්සුව විදිමින් සිටියදි පෙම්වතාගේ යතුරුපැදිය කිසියම් අයෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති බව ගාල්ල පොලීසිය පවසයි.

පෙම්වතා 20 හැවිරිදි වියේ පසුවන ගාල්ල මාපලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු තම සහෝදරයාට අයත් යතුරුපැදියෙන් පෙම්වතිය සමඟ ගාල්ල මහමෝදර මුහුදු තීරය අසලට පැමිණ තිබෙනවා.

යතුරුපැදියේ හැඩලයද ලොග්කොට එහි නතර කොට පෙම්වතිය සමග වෙරළ තීරයේ ඇවිදීමට ගොස් තිබෙනවා.

පස්වරු 1.00ට පමණ යතුරුපැදිය තිබු ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමේ දි යතුරුපැදිය එහි තිබී නැහැ.

2019 වර්ෂයේ දී අලුතින්ම මිලදී ගෙන ඇති මෙම යතුරුපැදියේ වටිනාකම රුපියල් ලක්ෂ  06ක් පමණ වන බව පෙම්වතා ගාල්ල පොලීසියට කළ පැමිණිල්ලේ සදහන්. 

මෙම සොරකම පිළිබද ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපතිද සිල්වා මහතාගේ උපදෙස් මත ගාල්ල පොලිසියේ අපරාධ අංශය මගින් පරික්ෂණ පවත්වයි.