2022 ජූලි 07, පෙ.ව. 9:21
කිරි ගවයන් 50 පාලනය කරන තරුණ ගොවි මහතෙකු ඉන්ධන ලබා ගැනීම සඳහා තමන්ට පෝලිමේ සිටීමට නොහැකි නිසා කිරි එළදෙනෙකු ඉන්ධන පෝලිමේ ගැට ගසා අනෙක් සතුන්ගේ ආහාරපාන සහ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා යන පුවතක් දඹුල්ල නගරයෙන් වාර්තා වෙනවා.
දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.රත්නායක නැමැති තරුණ කිරි ගොවි මහතා මෙම කිරි එළදෙනගේ පිටේ තම යතුරුපැදියේ අංකය ලියා කිරි එළදෙන පෝලිමේ තබා තිබෙනවා.
දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් පෝලිමේ මෙම ගවයා බැඳ තිබෙන බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.
කිරි ගවයන් 50 දෙනාගේ දිනපතා කටයුතු කිරීම සහ උදෑසන කිරි ටික දොවා අලෙවිකරණ මධ්‍යස්ථානයට රැගෙන යෑම ආදී කටයුතු රැසක් තමා තනියම කරන බව ඔහු පවසයි.
එම කටයුතු සියල්ල අතරමග දමා දින ගණනාවක් පෝලිම් වල රැඳී සිටීමට නොහැකි බවත් ඔහු සඳහන් කළා.
එම නිසා තමාට සුදුසුම විකල්පය ලෙස තමන්ගේ ළඟ සිටින ගවයන් 50 දෙනාගෙන් එක් අයෙකු ආහාර සහ ජලය ලබාදී පෝලිමේ මහාමාර්ගයේ ඇති විදුලි කණුවක ගැටගසා පෝලිම එම ස්ථානයට පැමිණෙන අවස්ථාව වන විට අසළ අයෙකුට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙස ඉල්ලා පිටව යන බවද ඔහු සඳහන් කළා.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05