hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 17, ප.ව. 6:51



ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රෙලියානු කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි එක්දින තරගය අතරතුර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුවිශේෂී ක්‍රීඩකයෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක නිරත වුණා.

ඔහු මහනුවරට සම්බන්ධකමක් ඇති ශ්‍රී ලාංකික මවකට දාව ඕස්ට්‍රෙලියාවේ දී උපත ලද දඟ පන්දු යවන ක්‍රීඩක ඇස්ටන් ඒගාර්.

ක්‍රීඩක ඇස්ටන් සිය ප්‍රියතම ආහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ අදහස් දක්වා සිටියා.

“මම සහ මගේ සහෝදරයෝ ආප්ප කන්න ඉතාමත්ම කැමතියි. මගේ මිත්තණිය අපට ආප්ප හදලා දෙනවා. අපි හැමදාම වුණත් ආප්ප කන්න තියෙනවා නං ඒ තරමට ඒ කෑමට ආසයි. අපි කොළඹ හෝටලයට ආපු ගමන් මම ඉස්සල්ලාම හෝටලයේ සේවකයෙකුගෙන් ඇහුවෙ අපිට බිත්තර ආප්ප කන්න පුළුවන්ද කියලා. ආප්ප ඉඳිආප්ප ඒ කෑම වලට මම පුදුම විදිහට කැමතියි.”