hit counter

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

2025 මැයි 20, ප.ව. 11:00



අද (20) සවස බදුල්ල නගර මධ්‍යයේ සහෝදරයින් දෙදෙනෙකු අතර ගැටුමකින් වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට කැත්තකින් දරුණු ලෙස පහරදී තිබුණි.

මෙම සිද්ධිය ගැන ෆේස්බුක් සටහනක් තබමින් බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේ මීට පෙර බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරයාට පිහි ඇනුමක් සිදුකර තිබූ බවත්ය.

එහිදී තුවාලකරුගේ ජීවිතය බේරුණේ ශල්‍යවෛද්‍යවරයාගේ දක්ෂතාවයෙන් බවත් තුවාලකරු මසක් පමණ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

මෙම සහෝදරයින් දෙදෙනා දීර්ඝ කාලයක සිට මෙලෙස එකිනෙකාට පහරදී තුවාල සිදුකරනගෙන රෝහල්ගත වෙන බවත් පැවසෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: