hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 05, පෙ.ව. 4:08



මවත්, පියාත් ජීවත් කළ අවිවාහක පුතකු ජීවත් කරවීම සඳහා මවටත් පියාටත් සිදු වූ ඉතා දුක්බර පුවතක් කැකිරාව දඹුලු හල්මිල්ලෑව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

කුඩා කාලයේ සිට හරි හරියට ගොවිතැන් බත් කරමින් සිය මවත් පියත් කිසිදු අඩුවකින් තොරව ජීවත් කරවූ ආගමට දහමට ලැදිව ජීවත් වූ ඒ.එම්.ඉන්දික අනුර බණ්ඩාර දරුණු වකුගඩු රෝගයට ගොදුරු වී ජීවිතයත් මරණයත් අතර සටනක සිටින බව වාර්තා වෙනවා.

මෙම තරුණයාට වකුගඩුවක් සොයා ගැනීම කෙසේවෙතත් ජීවත් වීමට හෝ ඖෂධ ටික ලබා ගැනීමට දවසක් හැර දවසක් ලේ මාරු කර ගැනීමට ගමන් යාමට මුදලක් නොමැතිව අසීරුතාවකට පත්ව සිටින බව පවසනවා.

මීට වසර දෙකකට පමණ ඉහතදී ඇති වූ හදිසි අසනීප තත්වයකට ප්‍රතිකාර ගැනීමට රෝහල්ගත වෙන අවස්ථාවේදී දරුණු වකුගඩු රෝගයට බිලි වී ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා.

එදා සිට මේ දක්වා පොළොන්නරුව ජාතික රෝහලේ සායනවලට යමින් මේ වන විට දවසක් ඇර දවසක් ලේ මාරු කර ගැනීම සඳහා දඹුල්ල රෝහලේ වකුගඩු ඒකකයට යන බව ඔහු සඳහන් කළා.

මෙම මෑණියන් මෙන්ම පියාණන් මුළු මහත් සමාජයෙන්ම ඉල්ලා සිටියේ කිසිදු දුසිරිත ක්‍රියාවකින් තොරව බෝසත් ගුණයෙන් යුතුව හැදී වැඩුණු තම දරුවා ජීවත් කරවීම සඳහා සමාජයේ සහයෝගය ලබා දෙන ලෙසයි.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස