hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2025 අප්‍රේල් 21, ප.ව. 5:19



ඊයේ (19) පස්වරුවේ පොළොන්නරුව – කඳුරුවෙල, පොළහන්දිය ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ස්ථානයකට අනුයුක්තව රාජකාරි කළ නිලධාරියකු විසින් සිය සිරුරට ගිනි තබා ගැනීමක් වාර්ත විය.

ඔහු විසින් සිය අනියම් පෙම්වතියගේ නිවසට ගොස් සිය සිරුරට පෙට්‍රල් හලා, ඉන් අනතුරුව ගිනි තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට අදාළ එකී කාන්තාව හා මෙම පොලිස් නිලධාරියා දිගු කලෙක සිට අනියම් සබඳතාවක් පවත්වා ඇති බවත්, ඉන් පසුව ඔවුන් දෙදෙනා අතර තිබූ ඇසුර බිඳී යාමෙන් පසුව තුවාලකරු දැඩි සිත් වේදනාවකින් පසු වී ඇති බවයි.

පසුව මෙකී පොලිස් නිලධාරියා අසල තිබූ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ද ගෙන අනියම් බිරිඳගේ නිවසට ගොස් ඇති අතර ඔහු විසින් දොරට තට්ටු කළ ද ඇය දොර විවෘත නොකිරීම හේතුවෙන් ඔහු මෙලෙස සිරුරට ගිනි තබාගෙන තිබේ.

පොලිස් නිලධාරියා සිරුරට ගිනි ඇවිළීමෙන් පසු මහා මාර්ගයට දිවවිත් ඇති අතර එහිදි ප්‍රදේශවාසීන් එක් ව ගින්න නිමා කඩිනමින් ඔහුව පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

ඔහුගේ තත්ත්වය අසාධ්‍යය බවත් මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: