hit counter

2024 ඔක්‍තෝබර් මස 06 වන ඉරිදා

2024 ජූලි 09, පෙ.ව. 12:04



පාර දිගේ ටෙලි නිර්මාණයේ ආන්‍යා ලෙසින් අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනූ ඇය පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයේ භාවනා ලෙසින් මේ දිනවල ඔබ හමුවට එන්නීය.

ගුවන් සේවිකාවක් වෙමින් තම වෘත්තීය සිහිනය සැබෑකර ගත් ඇය ආන්‍යා ලෙසින් රංගන සිහිනය ද සැබෑකර ගත්තාය.

දිලිසෙන නෙතු සඟල මෙන්ම ආකර්ෂණීය රූ සපුවකට හිමිකම් කියන ඇය දේශානී නෙහාරාය.

පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් ඇය මෙසේ අදහස් දක්වා සිටියා,

දේශානිගේ හීනය වුණේ රංගන ශිල්පිනියක් වීමද? ගුවන් සේවිකාවක් වීමද?

ඇත්තටම ගුවන් සේවිකාවක් වෙනව කියන හීනය මට තිබුණෙ නැහැ. මගේ අක්කා ගුවන් සේවිකාවක්. එයා යන එන හැටි දැකලා, එක එක රටවල්වලින් ගේන දේවල් දැකලා, අක්කා ජොබ් එක එන්ජෝයි කරන විදිහ දැකලා තමයි මටත් ආස හිතුනෙ ගුවන් සේවිකාවක් වෙන්න. රංගන ශිල්පිනියක් වෙන්න ඕන කියන එක පුංචි කාලෙ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්. මේ වෙද්දි මං ඒ හීන දෙකම ජයගෙන තියෙනවා.

ඔබ අතිශයින් කාර්යබහුල චරිතයක්. රැකියාව හරි රංගනය හරි දෙකෙන් එකක් තෝරගන්න වුණොත්?

මං සේවය කරන්නෙ ඩුබායිවල. රටවල් දෙකක වැඩ කරනව කියන්නෙ හරියට යුද්ධයක් කරනව වගේ වැඩක්. හරිම වෙහෙසකාරීයි. ඒත් මට හිත් දෙන්නෙ නෑ මේ දෙකෙන් එකක් අතෑරල එකක් තෝරගන්න. ඩුබායිවලට ආවට පස්සෙ මං ලොකු මානසික පීඩනයකින් හිටියා රංගනය අතාරින්න වේවි කියලා. කොහොමහරි කැපවෙලා මේ දෙකම කරගෙන යනවා.

කොහොමද භාවනාට ලැබෙන ප්‍රතිචාර?

භාවනා කියන්නෙ ආන්‍යාට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. තාත්තත් එක්ක එකතුවෙලා තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් ගේම් ගහන චරිතයක්. භාවනාටත් දැනට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉදිරියෙදී වෙනස් වෙන්නත් පුළුවන්. දැනටමත් භාවනා කියල කතා කරන අය ඉන්නවා. වෙන රටවලට ගියාම අදටත් ආන්‍යා කියල කතා කරන අය තමයි වැඩිපුර ඉන්නේ. ලෝකෙ කොහේ ගියත් අපේ රටේ මිනිස්සු මාව හඳුනගෙන ළඟට ඇවිත් කතා කරද්දි දැනෙන හැඟීම කියන්න වචන නෑ. ඒ ආදරේ සල්ලිවලට ගන්න බෑ. කලාව නිසා තමයි මට ඒ ආදරේ ලැබුණෙ. මං ඒ ආදරේට ලෝබයි. ඒ වගේම ගරු කරනවා. මාත් ඔවුන්ට ඒ වගේම ආදරෙයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: