hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 07, ප.ව. 1:08



ප්‍රසිද්ධ ව්‍යාපාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කර තිබෙනවා.

ඒ කෘතිම බුද්ධිය භාවිතයෙන් ජාතික මූලෝපායන් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ මීට වසර තුනකට පමණ පෙර පැවති දේශනයකදීයි.

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ක්‍රිකට් පිත්තට ඇලවිය හැකි Artificial Intelligence තාක්ෂණය සහිත ස්ටිකරයක් නිපදවා ඇති බවද, එමඟින් පිතිකරුවන්ගේ පහරවල් නිරීක්ෂණය කරමින් හොඳම පිතිකරුවන් තෝරා ගන්නා බවද ඔහු සඳහන් කළා.

ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් දක්වා සිටියා,

“මොකද අපි Artificial Intelligence දාන්නේ නැහැනේ. අඳුරනවා නං තමයි අපි අරින්නේ. ඒකට කියන්නේ Emotional Human Intelligence. අඳුරන එක්කෙනාව විතරයි දාන්නේ. ඇත්තටම ඔස්ට්‍රේලියන් ටීම් එක දැන් Artificial Intelligence use කරනවා. දැන් ඒ ගොල්ලන්ගේ බැට්මන්ස්ලායි බෝලර්ස්ලායි ඔක්කොම දාන්නේ ඒ විදියට.ඒගොල්ලෝ ගහන ටීම් එක වීඩියෝ එක දාලා ෂොට්ස් ඔක්කොම බලලා තමයි ඒගොල්ලෝ කරන්නේ.“





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: