2026 පෙබරවාරි 04, පෙ.ව. 12:23
එතෙක් මෙතෙක් ලාංකේය සිනමාවේ, ආදායම් වාර්තා අලුත් කරමින් ‘ධර්මයුද්ධය 2’ දින 10ක් තුළ ලක්ෂ 1000ක ආදායමක් උපයා තිබෙනවා.
ඒ, අඩුම දින ගණනකින් මෙම සීමාව ඉක්මවූ පළමු සහ එකම ලාංකේය චිත්‍රපටය බවට පත්වෙමින්.
‘ධර්මයුද්ධය 2’ සිනමාලෝලීන්ට තිළිණ කෙරුණේ, ජනවාරි 23 වැනිදා සිටයි.
එදා පටන් මේ දක්වා ඊට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අතිශය ඉහළ වීම සුවිශේෂීය.
අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයක් වන ‘ධර්මයුද්ධය 2’, මහරාජා මාධ්‍ය ජාලයේ නිෂ්පාදනයකි.
‘ධර්මයුද්ධය’ පළමු සිනමාපටය නිකුත් වී වසර 8 කට පසුව දිගහැරෙන ‘ධර්මයුද්ධය 2’ චිත්‍රපටයේ ප්‍රධානතම වෙනස්කම නම්, එහි ප්‍රධාන චරිතය වෙනස් මුහුණුවරක් ගැනීමයි.
එනම් අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී විසින් පළමු සිනමාපටයේ ඔබ හමුවට ගෙනා ‘හරිස්චන්ද්‍ර’ චරිතය, දෙවන සිනමාපටයේ ඔබ හමුවට ගෙනෙන්නේ බිමල් ජයකොඩි විසිනි.
දිල්හානි අශෝකමාලා, තිසුරි යුවනිකා, විනුමි වින්සඳී, කුසුම් රේණු, ඩග්ලස් රණසිංහ, කුමාර තිරිමාදුර, ආනන්ද අතුකෝරළ, අශාන් ඩයස්, දිනක්ෂි ප්‍රියසාද් ,සනත් ගුණතිලක ,මව්ලි ෆර්නෑන්ඩු, නලින් ලුසේනා, කලණ ගුණසේකර, බුද්ධදාස විතානාරච්චි, මැල්කම් මචාඩෝ, කසුනි කාවින්ද්‍යා, හර්ෂිකා රත්නායක, තිලක්ෂණී රත්නායක, ආරියසේන ගමගේ, ඉරේෂ් ලක්මාල්, නිරුක්ෂාන් ඒකනායක ,ජයරත්න ගලගෙදර යනාදී ප්‍රවීණ සහ නවක නළු නිළියන් රැසකගෙන් ‘ධර්මයුද්ධය 2’ සිනමාපටය නිර්මිතය.
චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් නම්, බිමල් ජයකොඩි ප්‍රධාන චරිතය රඟ දක්වනවා සේ ම, චිත්‍රපටයට පසුබිම් ගීත ගායනයෙන් ද එක්ව සිටීමයි. ‘ධර්මයුද්ධය’ ‘Drishyam’ මලයාලම් සිනමා කෘතියේ අපූර්ව ප්‍රති නිර්මාණයකි.
2026 පෙබරවාරි 03, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 02, පෙ.ව. 9:18
2026 පෙබරවාරි 02, පෙ.ව. 12:38
2026 පෙබරවාරි 02, පෙ.ව. 12:21
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:19
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26