hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 19, පෙ.ව. 5:19



රුපියල් ලක්ෂයක්  පමණ වටිනා රන් මාලයක් සහ රුපියල් 5000 ක් සහිත මුදල් පසුම්බියක් නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා විසින් මහමඟ වැටී තිබී රැගෙන විත් හමුවීමෙන් පසු නිවැසියන් විසින් එහි හිමිකරු සොයා මුදල් හා රන්මාලය යළි හිමිකරුට බාරදීමේ අපූරු පුවතක් අලදෙණිය පොලීසියෙන් වාර්තා වෙනවා.

හාරිස්පත්තුව,කුළුගම්මන මහතැන්න ප්රදේශයේ නිවසක ඇති කරන නිකී නැමැති සුනඛයෙකු පසුගිය 16 දින රාත්‍රියේ මෙම මුදල් පසුම්බිය අදාළ නිවසට රැගෙන විත් තිබෙනවා.

මුදල් හා රන් මාලය හැරුණු විට හිමිකරු සොයා ගැනීම සඳහා අවශ්යය කිසිදු හැඳුනුම්පතක් හෝ ලියවිල්ලක් මුදල් පසුම්බියේ නොතිබීම නිසා හිමිකරු සොයා ගැනීම සඳහා නිවැසියන් මුහුණුපොතේ ඒ පිළිබඳ සටහනක් පළකර තිබෙනවා.

එම ගමට නුදුරු ගමේ පදිංචි කාන්තාවකගේ මුදල් පසුම්බිය නැති වී තිබෙන බවට පසුදින පෙරවරුවේ ගමපුරා තොරතුරක් පැතිර ගොස් තිබෙනවා.

අලදෙණිය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ගාමිණි සේනාරත්න මහතාද කැඳවා ඔහු අතින් අදාළ කාන්තාවගේ ඥාතියෙකුට මුදල් පසුම්බිය බාරදීමට නිවැසියන් කටයුතු කර තිබෙනවා.

නිකී නැමැති සුනඛයා සපත්තු, සෙරප්පු, සම්බෑග් ආදිය දුටුවිට රැගෙන විත් ඒවා සපාකන බවත් නිවැසියන් පවසන අතර පාරේ වැටී තිබුණු මෙම මුදල් පසුම්බියද 16 දින රාත්‍රී 7.00 ට පමණ මිකී විසින් රැගෙන විත් තිබෙනවා.

මහනුවර – කමල් සුරවීර