hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:02



ඉන්දියාවේ පුහුණු වෛද්‍යවරියකු වූ මෞමිතාගේ සිදුවීම ලොවකම කතාබහට ලක් වුණා.

මෙම සිදුවීමට අදාලව සැකපිට කොල්කටා පොලිසියේ සිවිල් ස්වේච්ඡා සේවකයෙකු වන සංජේ රෝයි අගෝස්තු 10 වන අත්අඩංගුවට ගැනුනා.

පරීක්ෂණ මෙහෙයවන සීබීඅයි නිලධාරීන් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ සංජේ රෝයි මෙම සිදුවීම සම්බන්ධව විවිධ ප්‍රකාශ සිදු කර ඇති බවටයි.

ප්‍රශ්න කිරීමකදී ඔහු මෙලෙසද ප්‍රකාශ කර ඇති බවට හින්දුස්ථාන් ටයිම් වාර්තා කර තිබෙනවා.

“මම මිනීමැරුම කළේ නැහැ. මම මිනිය දැකලා සම්මන්ත්‍රණ ශාලාවෙන් දිව්වා” යනුවෙනුයි.

අභ්‍යාසලාභී වෛද්‍යවරිය බිහිසුණු ලෙස ඝාතනය කිරීම සහ දූෂණය කිරීමේ සිද්ධියේ දී සමූහ දූෂණයක් සිදුවීමේ හැකියාව CBI විසින් බැහැර කර ඇති අතර මෙම නඩුවේ එකම සැකකරු ලෙස සංජේ රෝයි හඳුනාගෙන ඇති බව NDTV වාර්තා කර තිබෙනවා.

මේ වන විට සංජේ රෝයි රඳවා සිටින කොල්කටාහි ප්‍රෙසිඩන්සි මධ්‍යම බන්ධනාගාරයේයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: