hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 28, ප.ව. 1:00



යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ තුන් ඉදිරියව්වෙන්ම ඉහළම දක්ෂතා ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයෙක්.

රටම කතාවන, රටම අපේක්ෂා දල්වා බලා සිටින දුනිත් වෙල්ලාලගේ.

ඔහු යොවුන් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සිට දුරකථන මාර්ගිකව සති අග පුවත්පතක් සමග මෙසේ සාකච්ජාවකට එක් වී තිබෙනවා.

තමාට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ සිහිනය ගැන ඔහු එහිදී මෙසේ අදහස් දක්වා තිබෙනවා,

“මගෙ තාත්තා සුරංග වෙල්ලාලගේ වේල්ස් කුමර විදහලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක්. තාත්තා නිසා තමයි මම ක්‍රිකට්වලට කැමති වුණේ. ගෙදර තිබුණු තාත්තට ලැබුණු කුසලාන පොඩි කාලෙදි ආසාවට අරගෙන මගෙ අතින් ඒවා කැඩිලා තිබෙනවා. එදා මම හිතුවා කවද හරි ගෙදරට ඒ වගේ කුසලාන අරගෙන එනවා කියලා. මම නිදාගත්තෙ බැට් එකයි බෝලෙයි කොට්ටෙ යටින් තියාගෙන. මම ක්‍රිකට්වලට ආදරෙයි වගේම මම ක්‍රිකට්වලට ගොඩක් ගරු කරනවා. කවදාවත් පුහුණුවීම් මගහැරගත්තෙ නැත්තෙත් ඒ නිසාමයි. ලෝක කුසලානයකට එන්න ලැබුණෙත් ඒ නිසාමයි.”