hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 ජූනි 25, ප.ව. 5:40



ලෝකයේ විවිධ වර්ගයේ අලි අතරින් අප්‍රිකානු අලියා ආසියානු අලියා ලෙස උප වර්ග වලට බෙදෙන අලීන් විවිධ උස ප්‍රමාණයකින් යුක්තයි.

එහෙත් මේ කියන්නේ ලෝකයේ සිටින එක කුරු අලියා ගැනයි.

එම කුරු අලියා සිටින්නේ උඩවලව ජාතික වනෝද්‍යානයේ.

මෙම කුරු අලියාගේ ඉදිරිපස පාද දෙකට සාපෙක්ෂව පිටුපස පාද දෙක කුඩාවට පිහිටා තිබෙනවා.

මේ අලියාගේ හිසට ශරීරයට සාපේක්ෂව විශාල ලෙස වැඩී තිබීම විශේෂත්වයක්.

ජාන විකෘති තත්ත්ව නිසා කුරු අලින් බිහි වන අතර කුරු අලින් ගමන් කරන්නේ ද යම් තරමක අපහසුවකින්.

නමුත් 2013 දී උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට සොයා ගැණුනු මෙම කුරු අලියා 2020 වර්ෂයේ සිට වනෝද්‍යානය තුළදී දක්නට ලැබුණේ නැහැ.

මේ දිනවල උඩවලවට ගිය දෙස් විදෙස් සංචාරකයින් බොහෝ දෙනෙකුට බොහෝ කලකට පසුව මෙම කරු අලියා දැකගැනීමේ ඒ අතිශය දුර්ලභ අවස්ථාව ලැබී තිබෙනවා.