2022 ජූනි 01, පෙ.ව. 4:58
මේ දවස් වල මිනිස්සු ඉන්නේ ලොකු පිඩනයකින්.
ඒ අස්සේ මේ නොනවතින වැස්ස නිසා ළමුන් අසරණ වෙලා ඉන්නවා.
රෝහලක ප්‍රතිකාර ලබා ගන්නා දරුවෙකු විභාගය ලියන අවස්ථාවේ සිදු වූ සිදු වීමක් මුහුණු පොත ඔස්සේ හුවමාරු වෙනවා.
ඒ දරුවා ඩෙංගු රෝගියෙක්.
ඒ පිළිබඳව වෛද්‍යවරයෙකු තැබූ ෆේස්බුක් සටහන පහතින්,
ඩෙංගු මදුරුවෙක්.
දිරිමත් දැරියක්…
පැය 6 ක වෙද,හෙද රැකවරනයක්..
සහයට දැඩිසත්කාර ගිලන් රියක්.
අපූරු සහොදර බැදීමක්
අපූරු විදුහල්පති වරයෙක්..
අපිව අතීතයට ගෙනගිය සොදුරු..
පැය 7-8 ක්..
…………………………………………….
මා කලින් සදහන් කල අකාරයට ඩෙංගු වැලදුනු දියනිය දිරිමත්ව විභාගයට මුහුන දුන්නාය..
එ විද්‍යාව විෂයටය…
ඇය උත්තර ලියන ආකාරය අනුව ඇයගේ ප්‍රතිඵලය නියතවම A සාමාර්තයක් වනු ලබනු ඇත..
අපි මීටර් 3-4 ක් දුරින් සිට සියල්ල නිරීක්ෂණය කලෙමු..
කාන්චනා මිස් ඇගේ රාජකාරිය අකුරටම කරමින් සිටී..
වෛද්‍ය මාලින්ද දැඩි අවදානයෙනි..
දැඩිසත්කාර ගිලන් රිය සහ කාර්ය්මන්ඩලය සීරුවෙනි..
සියල්ල නිරීක්ෂණය කරනමින් මම…
ඇයගේ සොහොයුරා විවෙක කාලයේදී සියතින් බත් කැවීම අපූරුම දසුනකි,ආදර්ශයකි ..
විභාග නිරීක්ෂකයන් ගෙන් උපරිම සහයෙන් සිටී..
විදුහල්පති පුබුදු සර් හැමවිටම තොරතුරු විමසමින් අපිට පිං දෙයි.
ඉතිං දුවේ…
අපි ..
දැඩි අවදානමක් ගෙන වැඩ කලෙමු..
එ කිසිවක් වෙනුවෙන් නොවේ …
පිපෙන්නට…
සමාජයක් ගොඩගන්නට…
අනාගතයට අවැසිම..
දිරිය කෙල්ලකගේ..
නිර්මාණය වෙනුවෙනි..
ඉතිං අපි මේ සියල්ල හරහා..
පොඩි කාලයකට අපේ සුන්දර ..
පාසැල්වියට ගෙනගිය ..
නුබට..
…ස්තුතියි ..
…වෛද්‍ය පාලිත රාජපක්ෂ
2025 පෙබරවාරි 05, පෙ.ව. 12:05
2025 පෙබරවාරි 04, පෙ.ව. 12:20
2025 පෙබරවාරි 03, පෙ.ව. 11:59
2025 පෙබරවාරි 03, පෙ.ව. 12:20
2025 පෙබරවාරි 02, පෙ.ව. 12:03